ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඇති සීසීටීවී පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බව පූර්වගාමී විනිසුරුවරයා තමන්ව දැනුම්වත් තළේ යැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) ප්‍රකාශ කළේය.
මහේසත්‍රාත්වරයා මේ බව කීවේ ගල්කිස්ස උසාවි භූමිය තුළ නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර ඇතිවූ සිද්ධියකින් අනතුරුව පොලිස් අත් අඩංගුවේ පසුවුන කොස්තාපල්වරයා සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේ දී සිද්ධිය පටිතගවූයේ යැයි කියන අධිකරණයේ සීසීටීවී දර්ශන වැඩිදුර විමර්ශනය සඳහා ලබා ගැනීමට නියෝග කරන ලෙස පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි විටය.
කෙසේ වෙතත් සීසීටීවී යථා තත්ත්වයේ පවතින්නේ නම් අදාල දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.







