අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල වෘත්තීය සමිති සාකච්ඡාවට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයෙකුට අමාත්‍යාංශ ආරක්ෂකයින් පහර දී එළියට ඇද දමයි…

ඒ අවස්ථාවේ ඇති වූ හදිසි ආතති තත්ත්වයක් මත වෘත්තීය සමිති නියෝජිතයා රෝහල් ගත කරයි!

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බල වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද ( 13)  පැවති සාකච්ඡාව අතරතුර  එම සාකච්ඡාවට සහභාගී වූ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට පහර දී රැස්වීමෙන් ඉවත් කිරිමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වේ.

චමින්ද ගමගේ ඉහළ රැස්වීම් ශාලාවේ සිට ආරක්ෂක නිලධාරීන් විසින් ඇදගෙන එන අකාරයත් ඇදගෙන පැමිණ ගොඩනැගිල්ලෙන් පලවා හරින ආකාරයත් සියලුම රූපවාහිනී කැමරාවල සජීවීව සටහන් වී තිබිණි.

චමින්ද ගමගේ ප්‍රකාශ කළේ තමන්ට ආරක්ෂක නිලධාරීන් පහර දුන් බවත්, ඕකා එළියට ඇද දානවා යැයි කී ඇමති නියෝගය අනුව එම නිලධාරීන් තමන්ව ඇදගෙන පැමිණ එළියට දැමු බවත්ය.  එමෙන්ම තමන්ගේ ලියකියවිලි, මුදල් පසුම්බිය සහ හැඳුනුම්පත් ද අස්ථාන ගතවී ඇති බව ඔහු මාධ්‍යය වෙත කීවේය.

ඔහු මාධ්‍ය අමතා මෙසේ කීවේය.

“අපි ලියාපදිංචි සේවක සංගමයක්.  මම ලියුම බාර දුන්නේ වෙන එකක් නිසා නෙමෙයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අනුලංඝනීය ව්‍යවස්ථා ටික කඩ කරලා තියනවා. ශාසනයට තියන ඒකීය අයිතිය නැති කරනවා ව්‍යවස්ථාවෙන් කියලා කියනකොට මට පහර දුන්නා.”

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

“ඒ වගේම මමත් එක්ක ආව අපේ සේවක සංගමයේ සභාපතිවරයා ඔහු මේක වීඩියෝ කරනකොට සියලුම දෙනා ඔහුව පැත්තකට අරන් ගිහිල්ලා හිර කරලා “මකපිය ඔකේ තියන දේවල්” කියලා කිව්වා. මේ සිකියුරිටි මිනිස්සු උඩ ඉඳන් පල්ලෙහාට මාව තල්ලු කරන් ආවා.  අමාත්‍යවරයා කීවා කෙලින්ම ඕකා එළියට දාන්න කියලා. ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසුවේය.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත මදුරකුමාර මාධ්‍ය ඉදිරියේ කීවේ මෙවැනි කතාවකි.

“විදුලි බල මණ්ඩලයේ ජාතික සම්පත විකුණන්නේ කොහොමද කියන එක ගැන තමයි කතාව ආවේ.  මේක ඉවසන් ඉන්න බැරිම තැන ගමගේ නැගිටලා කියන්න ගත්තා මොකක් ද මේ කරන්න හදන සෙල්ලම කියලා. කතා කරන එක මම මගේ පුද්ගලික ෆෝන් එකෙන් වීඩියෝ කරමින් හිටියෙ. “

“එතකොට අමාත්‍යවරයා ඒකට විරුද්ධ වුනා.   මාව එළියට ඇදගෙන ගියා. මාව වීඩියෝ කරපු සියල්ලම ඩිලීට් කළා.” ඔහු කීවේය.

මේ අතර චමින්ද ගමගේ තමන්ට කැරකිල්ලක් සහිතව ක්ලාන්ත ගතියක් එන බව කියමින් බිම ඉඳගත්තේය. ඒ අවස්ථාවේ දී 1919 ගිලන්රථයක්  ගෙන්වා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

අවසානයේ දී සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යය ද එම ස්ථානයෙන් ඉවත් කළ ආරක්ෂක අංශ කීවේ අදාල වෘත්තීය සමිති ක්‍රියාකාරියින් දෙදෙනා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර ඇති  බවය.

එමෙන්ම අමාත්‍යාංශය පාර්ශවයෙන් කීවේ  සාකච්ඡාවට අනාරාධිතව පැමිණි,  අල්ලස් චෝදනා මත වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් කලහකාරීව හැසිරුණ බවය.

එක් වරම සභාව මැදින් නැගී සිට අමාත්‍යවරයා වෙත ආවේගයෙන් කෑ ගසමින් යෑමට උත්සාහ කිරීමත් සමග ආරක්ෂක අංශ ඔහුව සභාවෙන් ඉවත් කළ බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව පවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි සේවක සංගමය, ගණකාධිකාරී සංගමය, ස්වාධීන විදුලි සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය සහ මානව සම්පත් වෘත්තිකයිනගේ සංගමය එක්ව සිටියේය.

ලක්බිම තොරතුරු තාක්ෂණ සංගමය, විධායක නොවන ශ්‍රේණියේ උපාධිධාරි සංගමය ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම අධිකාරී සංගමය, සමසථ ලංකා පාරිභෝගික සම්බන්ධීකාරක සංගමය මෙම සාකච්ඡාවට පැමිණ සිටි බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සීසීටීවි පද්ධතිය ක්‍රියාත්මක නෑ… පූර්වගාමී විනිසුරුවරයා තමන්ව දැනුම්වත් කළ බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා කියයි!

Next Post

අමානුෂික ලෙස පහර දී කුඩු පැකට් එකක් දමා නිර්දෝෂී පුද්ලයෙකු බන්ධනාගාරගත කළ පොලිස් කුපාඩින් 06කට වැඩ වරදී…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.