ගම්පහ හා අහුංගල්ල ප්‍රදේශයේ අද සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් ව්‍යාපාරිකයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ගම්පහ උඩුගම්පොළ බටපොත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි.
ඒ අතරතුර අහුංගල්ල කටුවිල ප්‍රදේශයේදී ද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර මේ වන විට ඔහු බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධින් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.







