දුම්රිය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා ඉන්ධන තොග ප්‍රවාහනය කිරීම මාස දෙකකට පමණ පසු නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගුවන් යානා ඉන්ධන තොග හිඟවීම හේතුවෙන් පසුගිය කාලයේදී, ගුවන්තොටුපළට ඉන්ධන ප්‍රවාහනය කිරීඹට නොහැකි වූ බවත් පසුව මෙරටට ගෙන්වන ලද සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදිත ගුවන් යානා ඉන්ධන තොග මේ වන විට සංස්ථාව සතු හෙයින් පසුගිය 22 වැනිදා සිට ඉන්ධන ප්‍රවාහනය ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරියෙකු පවසා තිබේ.
මේ අනුව කොළොන්නාව ඛනිජ තෙල් තොග පර්යන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දිනකට හතර වතාවක් ගුවන් යානා ඉන්ධන ලීටර් 350 000 බැගින් දුම්රියෙන් ප්‍රවාහනය කරන බව ද එම නිළධාරියා වැඩිදුරටත් පවසා ඇත.