කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ නගර මධ්‍යයේ ඇති පොදු වෙළෙඳපළේ අද ( 06) අහඹු ලෙස තෝරාගත් වෙළෙන්දන් 57 දෙනෙකුගෙන් කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 58කින් කොවිඩ් ආසාදිතයන් 18ක් වාර්තා වීමත් සමග මුළු වෙළෙඳ පරිශ්‍රයම වසා දමන්නට සිදුවන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට 200කට ආසන්න ව්‍යාපාරිකයන් පිරිසක් මෙම වෙළෙඳ පරිශ්‍රය තුළ වෙළෙඳාම් කරන අතර ආසාදිතන් පැතිරී ඇති ස්වරූපය අනුව ඔවුන් සියලු දෙනාම පළමු පෙළ ආශ්‍රිතයන් සේ සලකා නිරෝධායනයට ලක් කිරීමට සිදු වනබව සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පහ අවට අති විශාල ජන ගහණයක් මේ වෙළෙඳ පරිශ්‍රයෙන් බඩු භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන බැවින් මේ තත්වය තුළ ගම්පහ කොවිඩ් අවදානම වැඩි වීමේ ප්‍රවණතාවක් සෞඛ්‍ය අංශ අපේක්ෂා කරයි.
මේ වනවිට මූලික වශයෙන් වෙළෙඳපලේ සියලුම ව්‍යාපාරිකයන් නිරෝධායනයට ලක් කිරීම සිදුවෙමින් තිබේ.







