බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රියංකර රාජපක්ෂ අල්ලසක් ගැනීමේදී අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 25, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර රාජපක්ෂ  ලක්ෂ දෙකකට වැඩි මුදලක් අල්ලසක් වශයෙන් ලබා ගනිද්දී අද ( 25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මින් පෙර වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබිණි.  ඔහු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් වන්නේ  ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ දීය. ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනයේ සමීපතම චරිතයක් බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රකටව සිටි  නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ ගේ සොයුරා ප්‍රියංකර රාජපක්ෂය.

ප්‍රියංකර රාජපක්ෂට වත්තල පොලිස් ස්ථානාධිපති තනතුර ලබා දීමේදී ද දේශපාලන මැදිහත්වීම් සිද්ධ වුන බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි  මාර්ග එවකට පැවසුවේය.

වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රියංකර රාජපක්ෂ පත් වීමෙන් අනතුරුව පොලිසිය තුළින් මෙන්ම අවට ප්‍රජාවගෙන් ඔහුගේ හැසිරීම සම්බන්ධව බරපතල චෝදනා එල්ල වී තිබිණි.  අල්ලස් ගැනීම  ඔහුට එල්ල වූ ප්‍රධානම  චෝදනාව බව වාර්තා විය. සිය නිල නිවසට අවශ්‍ය සියලුම භාණ්ඩ අල්ලස් ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ පුද්ගලයින්ගෙන් ලබා ගැනීමට මෙම ස්ථානාධිපතිවරයා කටයුතු කළ බවට පොලිසියෙන්ම චෝදනා තිබිණි.

ඔහුට එල්ල වූ බරපතලම චෝදනාව වී තිබුණේ වත්තල ප්‍රදේශයෙ ඉන්ධන පිරවුම්හල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා එය ලබා නොදුන් පසු ඔහුට හිරිහැර කිරීම සම්බන්ධ සිද්ධියකි. අවසානයේ දී එම පුද්ගලයා මෙම සිද්ධිය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ ද එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකොන්ගේ මැදිහත්වීමෙන් එම විමර්ශන වැළකී ගිය බවට පොලිසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

වත්තල ව්‍යාපාරික ප්‍රජාවට සහ ජනතාවට බරපතල පීඩාවක් බවට පත් වෙමින් සිටි මෙම පොලිස් නිලධාරියා පසුව ගම්පහ පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබා දී තිබුණු බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය. ගම්පහ අපරාධ විමර්ශන කාර්යාංශයේ රාජකාරි සඳහා මාරුකළ එවූ මෙම නිලධාරියා අල්ලසට ගිජු බව දැන දැනම ඔහුව ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති බවට පත් කිරීම සම්බන්ධව විවේචනයක් පොලිසිය තුළම තිබී ඇත.

ඒ අතර දිගින් දිගටම මේ නිලධාරියාගේ අල්ලස් ගැනීම් සම්බන්ධව වාර්තා වී ඇති අතර මේ වනවිට පුද්ගලයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ද වාර්තා කර තිබේ.

එසේ තිබිය දී අද දිනයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමේ දී ප්‍රස්තුත ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාගම කුරුකුලාවේ දී වාහනයක් තුළ අතහැර දැමූ ගිනි අවිය සහ මැගසින් දෙක සම්බන්ධ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට…

Next Post

බලපිටිය සිංගර් ආයතනයේ කළමනාකරු හිරාන් කෝසල ඝාතනයේ සුල මුල හෙළිවන හැටි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.