දිනසේන රතුගමගේ –
මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් යාපනයේ නෙල්ලි අඩි විද්‍යාලය අසලදී හදිසියේම ගිනි ගැනීම නිසා රියදුරු ඉන් බිමට පැන ජීවිතය බේරා ගෙන තිබේ.
ඊයේ (13) මේ අනතුර සිදුවී ඇති අතර ගිනි ගත් ත්‍රී රෝද රථයේ ගින්න නිවා දැමීමට විශාල පිරිසක් උත්සාහ කරණ ලද නමුත් එම උත්සාහය අසාර්ථක වීම නිසා ත්‍රී රෝද රථය ගිනි ගෙන මුලු මනින්ම විනාශ වී ගොස් ඇත.
මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවාර්ණය වී නොමැති අතර මේ වසරේ ගත වූ කාලය තුළ යාපනයේදී ධාවනය වෙමින් තිබූ වාහන පහක්ම මේ අන්දමට ගිනි ගෙන තිබේ.
යාපනයේ රියදුරන් ප්‍රකාශ කරන්නේ ඉන්ධ වල දෝෂයක් හේතුවෙන් මේ අන්දමට වාහන ගිනි ගන්නා බවයි.
මෙම ගින්න හටගෙන ඇත්තේ නෙල්ලිඅඩි ඉන්ධන පිරවුම්හලක් හා පාසලක් ආසන්නයේදීය.
නෙල්ලි අඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







