බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනය 2028 තෙක් දිගු වෙලා!

by editor
ජූලි 14, 2024
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • හෘද සැත්කමක් සඳහා අද කරාපිටිය රෝහලේ ලියාපදිංචිවන  හෘද රෝගියෙකුට සැත්කමට දිනය ලැබෙන්නේ 2028 අවුරුද්දේ… ලෙඩ්ඩුන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි! 

  • මම පෙන්ෂන් යනකොට ලෙඩ්ඩු 4000ක් විතර විතර පෝලිමේ හිටියා… දැන් කීදෙනෙක් ජීවත් වෙලා ඉන්නවද දන්නේ නෑ… විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ කියයි! 

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළ  හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින්ගේ පොලිම 2028 දක්වා දිගු වි ඇති බැව් එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හෘද සැත්කම් කරගැනිම සදහා  මෙම ඒකකයේ  අලුතෙන් ලියාපදිංචි වන හෘද  රෝගියෙකුට 2028 වන තෙක් බලා සිටිමට සිදුවි ඇති  බව   හෘද රෝගිහු පවසති.  හෘද සැත්කම් කරගැනිම සඳහා මෙම ඒකකයේ ලියාපදිංචිවන රෝගියකුට මෙහි  සේවය කරන හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලබා දෙන්නේ 2028 දිනයක් බව හෘද රෝගිහු පෙන්වා දෙති.

කොන්ත්‍රාත් පදනම මත  මෙම ඒකකයේ සේවය කරණ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ     සමග  මෙහි හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ  ශල්‍ය  වෛද්‍යවරු තිදෙනෙකු සේවය කරති. නාමල් ගමගේ වෛද්‍යතුමන් සතියකට  හෘද සැත්කම් හතරක් පමණ සිදුකරන ලබන අතර  ඉකුත් වසරේ දි (2023)  නාමල් ගමගේ මහතාගේ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින්ගේ  ලැයිස්තුව 1500ක් පමණ වි තිබුණි.

එහෙත්  ඉකුත් වර්ෂයේ නාමල් ගමගේ වෛද්‍යතුමන් විසින්  සිදුකොට ඇත්තේ හෘද සැත්කම් 400කට ආසන්න සංඛ්‍යාවකි. හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ පවසන්නේ   ඔහු විශ්‍රාම යනවිට සැත්කම් කළ යුතු හෘද රෝගින් 4000කගේ පමණ ලැයිස්තුවක් තිබු බවය. එම  රෝගින් ජිවත්ව සිටිනවා ද යන්න සොයා බැලිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ පිළිබද හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගෙන් අප කළ විමසුමකදි ඇය මෙසේ කිවාය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“හෘද සැත්කම් කරගැනිම සදහා 2028 වන තෙක් බලා සිටිමට හෘද රෝගියෙකුට  කීම ප්‍රායෝගික නැහැ. මේ නිසා  අලුතෙන් ලියාපදිංචි වන රෝගින් සඳහා  අමතර ලැයිස්තුවක් අපි දාල තියෙනවා. දිනකට හෘද සැත්කම් 02ක් විතර  මා විසින් කරනවා. එක් හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට කණිෂ්ඨ  වෛද්‍යවරු 08  දෙනෙකු සිටිය යුතුයි. කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිඟය  මේ සදහා ප්‍රධාන වශයෙන් බලපානවා. 

අනික් කාරණය තමයි   වෛද්‍යවරු අවුරුදු හතරෙන් හතරට මාරුකිරිම. මේ අය පුහුණු කරන්න වසර 02ක් විතර යනවා. හෘද සැත්කම් කිරීමට හැකි උච්චතම අවස්ථාව වනවිට ඒ අය මාරුවෙනවා.  පුහුණු වෛද්‍යවරු ඉන්නවානම් වැඩි  ප්‍රමාණයක් හෘද සැත්කම් කරන්න පුළුවන්.

“ඒ විතරක් නොවයි. හෘද සැත්කම්වල ගුණාත්මක භාවයත් ඉතා වැදගත් එමෙන්ම  කණිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ද ගුණාත්මක භාවය වැදගත්.  මාගේ ලැයිස්තුවේ හෘද සැත්කම් කළ යුතු රෝගින් 200ක් 300ක් විතර ඉන්නවා.” යැයිද  ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය  සදහන් කළාය.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංගගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“ඔය කියන තරම් හෘද සැත්කම් කළ යුතු හෘද රෝගින් නැහැ. නමුත් සැත්කම් කළයුතු හෘද රෝගින්ගේ යම් තදබදයක් තියෙනවා. හෘද හා උරස් කුහර   සිමිත සැත්කම්  ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. මෙක අමාරු සැත්කමක්.” යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් එක්වරම ගිනි ගෙන මුලුමනින්ම දැවී යයි!

Next Post

කෝවිලට ගිය සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ තරුණයින් 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.