සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ රජයේ බංගලා 50ක්, රට පුරා ජනාධිපති මන්දිර 07ක්, රට පුරා අග්‍රාමාත්‍ය නිල නිවාස ආර්ථික ලාභ උපදවන තැන් කරන ක්‍රමවේදයක් හදන්න නිලධාරී කමිටුවක්!

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනයවන බංගලා නිවාස, විසුම් පාය, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනයවන විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා රජය විසින්  විශේෂ නිලධාරී කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව පත් කරන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහාය.

ඒ අනුව කොළඹ 05 සහ කොළඹ 07 ප්‍රදේශවල පවතින රජයේ බංගලා නිවාස 50ක් , ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය,  අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය බෙන්තොට ප්‍රදේශවල පවත්වාගෙන යන ජනාධිපති මන්දිර 09ක් පවත්වාගෙන යන බවත් එම ඌණ උපයෝජිත දේපල ආර්තිකයට වාසි සහගත ලෙස හසුරුවන ආකාරය සම්බන්ධව තීන්දු කිරීම සඳහා මෙම නිලධාරී කමිටුව පත් කර ඇති බවත්,  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති  වෛද්‍ය නලින්ද ජයතිස්ස  කීවේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

” මේ ජනාධිපති මන්දිරවලින් කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැරුණකොට ඉතිරි ජනාධිපති මන්දිර නිරන්තරයෙන් භාවිතාවට ගන්නෙ නෑ. නමුත් ජනාධිපතිවරයා කොයි මොහොතක හෝ ඒ මන්දිරවල කාලය ගත කරන්න පැමිණෙතැයි කියන අපේක්ෂාව සහිතව එම මන්දිර නඩත්තු කරන්න විශාල වැය බරක් රජය මගින් දරනවා. ”

” ඊට අමතරව කොළඹ 2 විසුම්පාය දැනට අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනයට. එයත් අප නඩත්තු කරගෙන යනවා. ඒ හැරුණ විට නුවරඑළිය සහ තවත් ප්‍රදේශ කීපයක අග්‍රාමාත්‍ය නිල නිවාස පවත්වාගෙන යනවා. ”

“මේ ආකාරයට කොළඹ 05 සහ කොළඹ 07 ප්‍රදේශවල පවත්වාගෙන යන රජයේ බංගලා. රට පුරා ඇති ජනාධිපති මන්දිර, අග්‍රාමාත්‍ය නිල නිවාස වැනි මේ ආකාරයේ රජයේ දේපල නඩත්තුවට ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වියදම් කරනවා. මේ දේපල පවතින්නේ ඌණ උපයෝජිත තත්ත්වයේ. මේවයින් ආර්ථික වශයෙන් රජයට ලබා ගත හැකි ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ”

මේ නිසා ඉහත කී නිවාස ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කළ හැකි පරිදි යෝජිත ක්‍රමවේදයක් සකස් කිරීමට නිලධාරී කමිටුවක් පත් කිරීමට තමයි ජනාධිපතිවරයා සහ රාජය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය තුමා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළේ. ”

” එම නිලධාරී කමිටුවට මේ අමාත්‍යාංශවල නිලධාරීන් අයත් වෙනවා. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් රාජය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක්,  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාවරයා විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් නම් කරන ලද නිලධාරීවරයෙක් මෙම තීන්දු ගැනීම සඳහා පත් කරන කමිටුවට ඇතුළත් වෙනවා….”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතා නායකවරයාගේ සුදුසුකම් ගැන වගකීම් සහිත ප්‍රකාශයක් ඔහු විසින්ම සිදුකරාවි… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

පරාටේ නීතිය තවත් මාස තුන හමාරකට අත්හිටුවයි…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.