ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාටේ නීතිය තවත් මාස තුන හමාරකට අත්හිටුවයි…

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වකවානුව තුළ බංකොළොත් වූ ආර්ථිකය තුළ ව්‍යාපාරික අවස්ථා බිඳවැටී බැංකු ණය ගෙවා ගත නොහැකිව දේපල බැංකුවට සින්න වූ  සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලබා දීම සඳහා දෙසැම්බර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වීම අත් හිටුවා තිබූ පරාටේ නීතිය අත්හිටුවීම මාර්තු මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

1990 අංක 04 දරන බැංකු මගින් ණය අය කරගැනීමේ විශේෂ විධි විධාන පනත හෙවත් පරාටේ නීතිය යටතේ බිඳවැටුන ව්‍යාපාර ගණනාවක දේපල බැංකු මගින් අත් පත් කරගැනීමට නියමිතව තිබිණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉල්ලීම සලකා බලා මේ දෙපල වෙන්දේසි කිරීම දෙසැම්බර් 15 දක්වා තාවකාලිකව අත් හිටුවීමට පැවති රජය තීරණය කර තිබිණි.

මේ සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“මේ අය පාස්කු දින ප්‍රහාරයෙන් කොවිඩ් වසංගතයෙන් සහ රටේ ඇති කරන ලද ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වුන අය. මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කණ්ඩායම රජයට විටින් විට ඉලලීම් ඉදිරිපත් කළා මේ නීතිය ක්‍රියාත්මක වීම තව දුරටත් අත් හිටුවා තව දුරටත් සහන කාලයක් ලබා දෙන්න කියලා. ”

“ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුනා. ඒ අනුව ජානාධිපතිතුමා ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය මාර්තු මාසයේ 31 දින දක්වා දීර්ඝ කරන්න.”

“ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු මේකට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීම සඳහා බහුමානී යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල් හා ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුනා.”

කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ මේ සුළු හා මධ්‍ය පාරිමාණ ව්‍යාපාරිකයින් නැවත ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා පරාටේ නීතිය සම්බන්ධව සහනයක් ලබා දුන්නා සේම රජය මගින් විශේෂ යාන්ත්‍රණයක් ද සකස් කරනු ලබන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ රජයේ බංගලා 50ක්, රට පුරා ජනාධිපති මන්දිර 07ක්, රට පුරා අග්‍රාමාත්‍ය නිල නිවාස ආර්ථික ලාභ උපදවන තැන් කරන ක්‍රමවේදයක් හදන්න නිලධාරී කමිටුවක්!

Next Post

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.