දූෂණ මර්දන පනත යටතේ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල්ගේ නමට තිබූ බැංකු ගිණුම් කිහිපයක් 2025 ජනවාරි 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මේ ආකාරයෙන් මාස තුනක කාලයක් සඳහා අත් හිටවීමට නියෝග කර ඇත.
අනුප පැස්කුවල් 2020 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 2022 සැප්තැම්බර් 8 වැනිදාය.





