ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය යි… රෝගී ජීවිත අනතුරේ…

by editor
සැප්තැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • අධික උෂ්ණත්වය නිසා සැත්කම්වල යෙදෙන කාර්ය මණ්ඩල නිලධාරීන් ක්ලාන්ත වුන අවස්ථා තිබෙනවා… අධික දහදිය දැමීම සහ දාහය නිසා නිශ්චිත අරමුණක වැඩ කරන්න බැරි වෙලා…

  • බිලියන ගණන් වටිනා වෛද්‍ය උපකරණත් අනතුරේ… හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයාව අවස්ථා ගණනාවකදීම දැනුවත් කළත් විසදුමක් නෑ… රෝහල් කාර්ය මණ්ඩලය කියයි…

  • මම ඒ ගැන දැනුම්වත් නෑ… හොයලා බලන්නම්… හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා පවසයි…

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව වාර්තාවේ.

හදිසි අනතුරු අංශය තුළ ශල්‍යාගාර සංකීර්ණ දෙකක් , දැඩිසත්කාර ඒකක දෙකක් සහ විකිරණ යන්ත්‍ර පිහිටි ඒකක දෙකක් පිහිටා ඇති අතර මේවා වායුසමීකරණ පරිසරයන් තුළ පවත්වාගෙන යා යුතු වුවද වායුසමීකරණ පද්ධති තුනෙන් දැනට ක්‍රියාමත්මකව පවතිනුයේ එක් යන්ත්‍රයක් පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ශල්‍යාගාර සංකීර්ණය දෙකෙහි ශල්‍යාගාර අටක් පවතින අතර පැය 24 පුරාම මෙම ශල්‍යාගාරයන් තුළ සැත්කම් සිදුවෙමින් පවතින අතර ඔිනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා මෙම ශල්‍යාගාර සූදානමින් තබා ඇති බවද පැවසේ.

මෙම වායු සමීකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ ශල්‍යකර්ම වලදී මෙන්ම අනෙක් ප්‍රතිකාර කටයුතු වලදීද ආසාදනයන් පාලනය කිරිම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද වාර්තාවේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

විකිරණ අංශයේ රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර මෙන්ම දැඩිසත්කාර ඒකකයන් හී ඉහළ වටිනාකමින් යුතු ස්වසන ආධාරක යන්ත්‍ර ((Patients Ventilators) මෙලෙස දැඩි තර්ජනයන්ට ලක්ව ඇති බවද පැවසේ.

ශල්‍යාගාරයන් තුළ ශල්‍යකර්ම සිදුකිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂිත ඇදුම් කට්ටලයකින් සැරසිය යුතු අතර ශල්‍යාගාරයන් තුළ පවතින දැඩි රස්නය හේතුවෙන් ඔවුන් ක්ලාන්ත වූ අවස්ථාවන් ගණනාවක්ම වාර්තා වී ඇතැයි පැවසේ.

ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවන් තුළදී එයට සහභාගි වන කාර්ය මන්ඩලය සාමාජිකයින්ට අධික දහඩිය දැමීම සැත්කමට ලක්කරන රෝගීයාගේ ජිවිතයට දැඩි අනතුරුදායක තත්තවයන් නිර්මාණය විය හැකි බවද ශල්‍යාගාරයේ පවිත්‍රතාව පවත්වා ගැනීමට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

සැත්කම් සිදුකරන අතරතුරදී පරිසරයේ පවතින අධික උෂ්ණත්ව පාලනය කර ගැනීම සඳහා විදුලිපංකාවන් භාවිතා කිරීමට සිදුවන බවද එයින් රෝගීන්ගේ ජීවිත දැඩි තර්ජනයන් ලක්විය හැකි බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම තත්තවය වසරකට ආසන්න කාලයක සිට පවතින අතර හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයාව අවස්ථා ගණනාවකදීම දැනුවත් කළද එයට නිසි විසදුමක් ලැබී නොමැති බවද පැවසේ.

වායුසමීකරණ පද්ධතිය අක්‍රියවීම සම්බන්ධයෙන් අප හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩගෙන් විමසු විට ඔහු සඳහන් කළේ තමාව ඒ පිලිබඳව දැනුවත් කර නොමැති නමුත් ඒ පිලිබඳව සොයා බලා වායුසමීකරණ යන්ත්‍රවල නඩත්තුකටයුතු ආරම්භ කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි කන්නයේ දී හිඟයකින් තොරව සාධාරණ මිලට පොහොර ලබා දෙන්න සූදානම්… ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි…

Next Post

දේශපාලකයන්ගේ පිරුවට ගැලවෙන සීනිමෝදර කුඩු කතාව…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.