ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයන්ගේ පිරුවට ගැලවෙන සීනිමෝදර කුඩු කතාව…

රටේ හිටපු ප්‍රබලම දේශපාලකයෙකුගේ බිරියට පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස උනාකූරුවේ ශාන්ත සේවය කරලා...

by editor
සැප්තැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලීසිය විසින් කළ මෙහෙයුමක දී ගොඩබිමේ දී මෙ‍ෙතක් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේය. සොයාගත් මත්ද්‍රව්‍ය  ප්‍රමාණය කිලෝ 705.91කි. එහි අයිස් කිලෝ 420.976ක්ද හොරොයින් කිලෝ 284.94ක්ද තිබුණු බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර 05ක්ද පොලීසිය සොයාගෙන තිබුණි.

රුපියල් කෝටි 1000කට අධික වටිනාකමක් ඇති කිලෝ 707ක් වූ එම මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්ත සහ කළු සාගර විසින් විදේශයක සිට මෙරටට එවා ඇතැයිද විමර්ශනවලින් පෙනී ගොස් ඇත

සොයා ගත් රිවෝල්වර සහ මත් ද්‍රව්‍ය….

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනිඅවි පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් ඇත්තේ බහුදින යාත්‍රාවකින් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි රැගෙන ඉරාන් සහ පාකිස්තානු ජාතිකයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් දකුණු මුහුදු තීරය ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණ ඇති බව සඳහන්ය.

එම යාත්‍රා‍වෙන් මත්ද්‍රව්‍ය හා ගිනිඅවි භාරගෙන ඇත්තේ දකුණේ ධීවර වරායකින් මුහුදු ගිය යාත්‍රාවක සිටි පිරිසක් බවට සැක කරන තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත. එම බහුදින ධීවර යාත්‍රාව දින කිහිපයක් තිස්සේ යාත්‍රා කර මෙරට වෙරළ තීරය ආසන්නයට පැමිණි පසු කුඩා ධීවර යාත්‍රා දෙකක් එම බහුදින යාත්‍රාව අසලට ගොස් එහි වූ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි භාරගෙන තංගල්ලේ වෙරළ තීරයකට පැමිණ ඇති බව සඳහන්ය. වි

මර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මාවලැල් වෙරළ තීරයට හෝ උනාකූරුවේ විහාරස්ථාන ආසන්නයේ වෙරළට මෙම යාත්‍රා දෙකේ තිබුණු මත්ද්‍රව්‍ය ගොඩබා ඇති බවය. එම වෙරළ තීර දෙකම පොලිස් විමර්ශකයන්ගේ නිරීක්ෂණයට මේ වන විටත් ලක්ව ඇත.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ගොඩබිමට එම මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී එක් බෝට්ටුවක් පෙරළී ඇති බවට තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ. බෝට්ටුව පැත්තකට ඇලවී ජලය බෝට්ටුවට පිරී ඇති බව ද කියැවේ.

එම බෝට්ටුවේ තිබුණු අයිස් සහ හෙරොයින් මුහුදට වැටී ඇති බව ද සඳහන්ය. එහි දී මුහුදට වැටුණු එම මත්ද්‍රව්‍ය පැකට් පිහිනාගොස් ගොඩබිමට රැගෙනවිත් ඇතැයි පැවසෙන්නේ සීනිමෝදර නිවස තුළ මියගොස් සිටි දෙදෙනා බවට විමර්ශන නිලධාරීන් සැක කරයි.

මේ සියල්ලක්ම සිදුව ඇත්තේ 21 වැනිදා රාත්‍රී කාලයේදීය.

සීනි මෝදර නිවස

බෝට්ටු දෙක වෙරළ තීරයට පැමිණි සැණින් වෙරළ ආසන්නයේ නතර කර තිබුණු ලොරියකට එහි වූ මත්ද්‍රව්‍ය පටවා සීනිමෝදර නිවෙසට රැගෙන විත් ඇති බව සඳහන්ය. එම මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීම සඳහා ස්ථාන කිහිපයකට රැගෙන යාමේ අරමුණින් ලොරි රථවල ඇති රහස් කුටිවල ඉතා සූක්ෂ්මව සඟවා ඇත්තේ සීනිමෝදර දී බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ ස්ථාන තුනකට රැගෙන යාමට නියමිතව තිබී ඇති බව ද අනාවරණය වී ඇත. සීනිමෝදර නිවෙසේ දී රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයා එම ලොරි රථ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සූදානමින් සිටි රියැදුරා බව පොලීසිය හඳුනාගෙන ඇත. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට ඇණවුම් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන විත් බෙදාහැරීමේ ජාලය භාරගෙන සිටි බවට හඳුනාගෙන සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ ප්‍රධාන ගෝලයෙක් බවට තොරතුරුද අනාවරණය වී තිබේ. උනාකූරුවේ තුසිත නමැති මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ උනාකූරුවේ ශාන්තගේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධව සිටින බවට සැක කරන තොරතුරුද පොලීසියට ලැබී තිබේ.

මුහුදට වැටී ගොඩගත් බව සඳහන් ඇතැම් මත්ද්‍රව්‍ය ඇසුරුම්වලට ලුණු ජලය ඇතුළු වී හානි වී ඇති බව ද පෙනී ගොස් ඇත. සීනිමෝදර නිවෙසේ කුඩා ලොරි රථයක සඟවා තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය අතර වැඩි ප්‍රමාණයක් මුහුදු ජලය එක්වූ ඒවා බව පෙනී ගොස් තිබේ.

සීනිමෝදර නිවස හිමි කාට ද?

විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ සහෝදරයකුවන හෝටල් හිමිකරුවෙක් සහ  ඔහුගේ  ව්‍යාපාරික සගයෙකුට සීනිමෝදර   නිවෙසට සම්බන්ධකමක් ඇතැයි ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද  උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

උනාකූරුවේ ශාන්තට සීනිමෝදර ඉඩම හා සම්බන්ධයක් ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී තිබේ. මේ වන විට පොලීසිය සොයා බලමින් සිටින්නේ, ඉඩමේ ලියාපදිංචි හිමිකරු හා උනාකූරුවේ ශාන්ත, විපක්ෂයේ දේශපාලනඥයාගේ සහෝදරයා සහ එම සහෝදරයාගේ ව්‍යාපාරික සගයා අතර සම්බන්ධකමක් තිබේදැයි කියාය. ඒ අනුව එම දේශපාලනඥයාගේ සහෝදරයාත් ඔහුගේ ව්‍යාපාරික සගයාත් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.‍

මිය ගොස් සිටි තරුණයින් කවුද?

බෝට්ටුව පෙරළී  මුහුදේ ගිලී ගිය අයිස් තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ඒමට උදවු කරගත් තරුණයා සීනි මෝදර නිවසේ දී මිය ගොස් සිට හමුවිය. ඔහු  ඉහත කී විපක්ෂ දේශපාලකයාගේ  සහෝදරයෙකුට අයත් හෝටලයේ  සේවයේ නිරත තරුණයෙකි.

සීනිමෝදර නිවෙසේ මියගොස් සිටි තරුණයින්ගෙන් එක් අයෙක් යට ඇඳුම පිටින් සිට ඇත. ඔහුගේත් අනෙත් තරුණයාගේත් සිරුරේ වැලි ගෑවී තිබී ඇත. එම වැලි මුහුදු වැලි බවට සැක කරයි. ඔවුන් වෙරළට ගොස් බෝට්ටුවෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය ලොරි රථවලට පැටවීමට සම්බන්ධ වී ඇතැයි පොලීසිය සැක කරනුයේ ඒ අනුවය. එය සැකයන් තහවුරු කෙ‍ෙරන තොරතුරුද විමර්ශකයන්ට ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස්කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මියගිය අයගේ මරණ පරීක්ෂණ තංගල්ල අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලදුව විවෘත තීන්දුවක් ලබාදී ඇත.

බෙදා හැරීමේ ජාලය

මුහුදු මාර්ග ඔස්සේ ආ මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමේ දී භාරගෙන බෙදාහැරීමට සම්බන්ධ ජාලයද මේ වන විට පොලීසිය විසින් හඳුනාගෙන ඇත. ඔවුන් මේ වන විට පලාගොස් සැඟවී සිටින බව පොලීසිය සඳහන් කරයි. සීනිමෝදර නිවෙසේ මියගොස් සිටි තරුණයින්ට මත්පැන් බෝතලයක් පවා ලබා දී ඇතැයි අනාවරණය වන්නේ ගොඩබිමේ දී බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ වූවෝය. පොලීසිය සැක කරනු ලබන්නේ එම මත්පැන් බෝතලයට වස එක්කර මොවුන්ට පානය කරන්නට දී ඇති බවය. එසේ නොවන්නේ නම් මුහුදු ජලය එක්වූ අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඒවා විෂ වී ඔවුන් මිය යන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.

පොලීසිය සඳහන් කරනු ලබන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව සැකපිට ඊයේ (23) සවස් වන විට 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය උනාකූරුවේ තුසිතගේ දරුවන් දෙදෙනාද සිටිති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාම ගැන ඔවුන්ද යම් තොරතුරක් දැන සිටින බවට සැකයක් ඇතිවීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය පැටවූ ලොරි රථ තුනේ ලියාපදිංචි හිමිකරුවන්ද සිටිති. ඇල්පිටිය, මීටියාගොඩ සහ රත්මලානෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ හැරුණුකොට මත්ද්‍රව්‍ය පැටවූ එක් ලොරියක රියදුරෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලානෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුය. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නා විට නිවෙසේ වහලේ සැඟවී සිට ඇත. උනාකූරුවේ ශාන්ත සමඟ ඔහු සම්බන්ධකම් පවත්වන අයෙක් බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. උනාකූරුවේ ශාන්තගේ ඉල්ලීම මත තමා ලොරි රථය මාස 04කට පෙර කොට්ටාවට රැගෙන ගොස් පුද්ගලයෙකුට භාරදුන් බව ද ඔහු පොලීසියට පවසා ඇත. ඒ වෙනුවෙන් ඔහුට විටෙන් විට උනාකූරුවේ ශාන්ත මුදල්ද ලබා දී ඇති බව අනාවරණය වී තිබේ.

ගල්කිස්ස පොලීසියට මෙම සැකකරු භාර දී ඇත්තේ වැඩිදුර විමර්ශන සඳහාය. එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබේ.

සෙසු සැකකරුවන්ද රඳවාගෙන දීර්ඝ ලෙස විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි. මෙම විමර්ශන කොටස් කිහිපයක් යටතේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සිදුවේ. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 10කට ආසන්න ප්‍රමාණයක් යොදා තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා එක්ව සිටිති.

උනාකූරුවේ ශාන්ත සහ කළු සාගර

උනාකූරුවේ ශාන්ත ( වමේ ) සහ කළු සාගර

මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට මෙරටට එවා ඇති බවට හඳුනාගෙන සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් වන උනාකූරුවේ ශාන්ත හා කළු සාගර යන දෙදෙනාටම ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති බව සඳහන්ය.

පාතාලයේ ගෝඩ් ෆාදර්වරයෙක් ලෙස කුප්‍රකටව සිටි මාකඳුරේ මධුෂ් පාතාලයට එක්වන්නේද උනාකූරුවේ ශාන්ත සමඟ එක්වය. එකල ඔවුන් දෙදෙනාම බස් රථ රියදුරන් ලෙස කටයුතු කර ඇත. උනාකූරුවේ ශාන්ත ප්‍රබල දේශපාලනඥයෙකුගේ බිරියකගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙසද කලක් කටයුතු කර ඇති බවට තොරතුරුද ඇත.

කළු සාගර නමැති පාතාලයේ අපරාධකරු මරණීය දණ්ඩනය නියම වී සිටින්නෙකි. අඟුණකොළපැලැස්සේ දී 1998 වසර් පෙබරවාරි 18 වැනිදා මව පියා දරුවන් ඇතුළු එකම පවුලේ පවුලේ 06 දෙනෙකුට වෙඩි තබා කපාකොටා බෝම්බ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඔහු ඇතුළු 10 දෙනෙකුට 2018 වසරේ ඔක්තෝබර් 11 වැනිදා තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

කළු සාගරට එරෙහිව අපරාධ ගොන්නක් පොලිස් පොත්වල ලියැවී ඇති අතර බැංකු කොල්ලකෑම්, මිනිස් ඝාතන, ඒ අතර බොහෝමයක් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය යි… රෝගී ජීවිත අනතුරේ…

Next Post

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක්!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.