බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ අහස යට ඉන්දු-පාකිස්ථාන ගැටුම: ඉන්දියාවට ලකුණු 61ක දැවැන්ත ජයක්!

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

එක වැහි පොදක් වැස්සේ නැත. කැට දමා කියන්නාක් සේ ප්‍රකාශිත කාලගුණ අනාවැකි පරදා කෝටි ගණන් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා මල් පල ගැන්වීමට සොබා දහම කටයුතු කර තිබිනි.  අමතර බාධාවකින් තොරව ඉන්දීය – පකිස්ථාන තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී නිමා විය. 

පෙර පැවති විවිධ මතභේද සහ වර්ජන තර්ජන මධ්‍යයේ අවසානයේ අචද (15) පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට, 2026 T20 ලෝක කුසලානයේ ‘A’ කාණ්ඩයේ මූලික වටයේ තරගයකදී ඉන්දියාව හමුවේ දරුණු පරාජයකට මුහුණ දීමට සිදු වීම කාලගුණයෙන් ලද ආශීර්වාදයේ රිදෙන සුළු ප්‍රතිඵලය වූයේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දඟපන්දු යවන්නන්ට හිතකර තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට පාකිස්ථානය උත්සාහ කළද, ඉෂාන් කිෂාන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ ඔවුන්ගේ සියලු සැලසුම් සුනුවිසුනු වී ගියේය.

ඉෂාන් කිෂාන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු ඕවරය නිමා වන විට ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 1කට එක් කඩුල්ලක් ලෙසිනි. ප්‍රබල පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු නොලබා දැවී යාම ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කළේය.

කෙසේ වෙතත්, ඉෂාන් කිෂාන් එම පීඩනය තමන් වෙත නතු කර ගනිමින් අගනා ඉනිමක් දියත් කළේය. ඔහු පන්දු 40කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ පදනම දැමීය. අනතුරුව සූර්යකුමාර් යාදව් සහ තිලක් වර්මා සාර්ථක සබඳතාවක් ගොඩනැගූ අතර, මැදපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගියද ශිවම් දූබේ සහ රින්කු සිං ඉනිම නිසි පරිදි අවසන් කළහ. ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 175ක් රැස් කළ අතර, එය ඉන්දු-පාකිස්ථාන T20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පාකිස්ථාන පිතිකරුවන් අසරණ වෙයි

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන ඉනිමේ ආරම්භයම අසාර්ථක විය. හර්දික් පාණ්ඩ්‍යා යැවූ පළමු ඕවරයම ‘නිලකුණු ඕවරයක්’ (Maiden) වූ අතර එහිදී සාහිබ්සාදා ෆර්හාන් දැවී ගියේය. දෙවන ඕවරය යැවූ ජස්ප්‍රිත් බුම්රා, සයිම් අයුබ් සහ නායක සල්මන් අලි ආගා යන දෙදෙනාම දවා ගනිමින් පාකිස්ථානය අගාධයකට ඇද දැමීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

උස්මාන් ඛාන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු රැස් කළද, අක්සාර් පටෙල්ගේ පන්දුවක් හමුවේ ඉෂාන් කිෂාන් අතින් ස්ටම්ප් කිරීමකට හසුව ඔහු දැවී යාමත් සමඟ පාකිස්ථානයේ බලාපොරොත්තු අත්හැරී ගියේය. අවසානයේ පාකිස්ථාන ඉනිම ලකුණු 114කට සීමා වූ අතර ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ට ජයක් හිමි විය.

කෙසේ වෙතත් වේදනාවෙන් සටහන් කර තැබිය යුතු කාරණාවක් තිබේ.  ක්‍රිකට් තරගයක වූ මහත්මා ගුණය මේ තරගයේ  නොතිබිණි.  තරගයට පෙර පැවති දැඩි මතභේදකාරී  වාතාවරණය  ඉහළ දේශපාලන තලයේ  තීරණාත්මක වියවුලක් නිර්මාණය කර තිබුණේය. ඉන්දීය ක්‍රීඩකයින් මේ ගැටුම ප්‍රකාශනය කළ රූකඩ පමණක් වූ බව කිව යුතුව ඇත. පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම වර්ජනය කිරීමට ගත් තීන්දුව  සූරිය කුමාර් යාදේව් ගේ හෝ ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ  හුදකලා තීන්දුවක් නොව, ඉන්දියානු දේශපාලනයේ ඉහළම තළයෙන් ක්‍රීඩකයින් වෙත ලැබුණ නියෝගයක ඵලයකි.

ක්‍රීඩාවේ ආත්මීය ගුණය ආරක්ෂා කරගැනීමට අතට අත දීමට පකිස්ථානය සූදානමින් සිටියේය. එහෙත් ඉන්දීය දේශපාලනයේ ඉහළම තලය විසින් පටවනු ලැබූ තීන්දුව ප්‍රකාශ කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම  අවසානයේ දි  නින්දාසහගත ගෝත්‍රික ස්වරූපයක් මහත්වරුන්ගේ ක්‍රීඩාවට   එකතු කර තිබුණු බව පමණක් පෙනුනේය. තරගය ආරම්භයට පෙර හෝ අවසානයේ සුපුරුදු පරිදි ක්‍රීඩකයින් එකිනෙකාට ‘අතට අත නොදීම  ක්‍රීඩා ලෝලීන්ට  මහත් කම්පනයක් ගෙන දුන් බව ලියා තැබිය යුතුය.

තරගයේ ජය හෝ පරාජයට වඩා ප්‍රේක්ෂකයින් කම්පා කළේ මේ ගෝත්‍රික ප්‍රකාශනය බව කිව යුතුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 40ක් පැරණි මිනුවන්ගොඩ රාජ්‍ය ඔසුසල වසා දමයි!

Next Post

යාපනයේ මහා මාර්ගයක සුඛෝපභෝගී මෝටර් රථයක් අත් හැර දමා ගිහින්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.