බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹත් අවුල් කරන්… මොකද මේ හැටි සුළං…

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විනාඩි කීපයක් තිස්සේ වේගයෙන් හමන සුළං ප්‍රවාහයක් පැය කීපයක් තිස්සේ අඛණ්ඩව ඇද හැලෙන වැසි රටාවක් කොළඹ විකල් කිරීමට ප්‍රමාණවත්ය. අග නගරය ඇත්තේ ඒ තරම් සැලසුම් රහිතවය. ඊයේ රාත්‍රියේ හමා ගිය සුළඟ ආන්තික තත්ත්වයකදී ඇති විය හැකි ස්වරූපය සම්බන්ධ ඉඟි කළ බව සිතමු.

කොළඹට හැමු තද සුළඟ කුමක්ද?. මේ සුළඟ එකවර ඇති වූයේ ඇයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත ප්‍රකාශ කර තිබුණේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් එම තත්ත්වය ඇතිවීමට පෙර සිට ම ජනතාවට දැනුම් දුන් බවය.

අනෙක් අතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනට ඈතින් ත්‍රීකුණාමලයේ සිට ඊසාන දිසාවට මුහුදේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත් වෙමින් බංගලාදේශයේ වෙරළබඩ තීරයට ඇතුළු වීම තද සුළං තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක එය මෙසේ පැහැදිලි කළේය.

“පහළ පෘෂ්ඨයන් වෙනස් වෙනකොට ඔය ආකාරයේ සුළං තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා තමයි අධික සුළං තත්ත්වයක් නිර්මාණය වුණේ. නමුත් ඒක දැන් බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වෙලා ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා,”

පීඩන අවපාතය බංග්ලාදේශය වෙත ගමන් කළ ද ශ්‍රී ලංකාවට තවදුරටත් ඉන් වක්‍ර බලපෑම් පවතින බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බලපෑම හේතුකොට ගෙන දිවයිනේ බස්නාහිර, සබරගමු, වයඹ, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව පෙන්වා දුන්නේය. ඔහුට අනුව ඇද හැලෙන්නේ ධාරණිපාත වර්ෂාවකි. සබරගමු පළාත, නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඇද හැලෙන වර්ෂාව මිලිමීටර් 100 ඉක්මන තරම්ය.

“මීට අමතරව දිවයින තුළ තියෙන සුළං තත්ත්වයේ වැඩි වීමකුත් තියෙනවා. සුළඟ වැඩි වෙන්නේ විශේෂයෙන් ම වයඹ, උතුරු මැද, ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, පුත්තලම සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල. සුළඟ ප්‍රධාන වශයෙන් නිරිත දිශාවෙන් හමනවා. මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 -60 දක්වා ඉහළ යෑමේ හැකියාවක් තියනවා. මේ තත්ත්වය තව දින දෙකක් තියේවි. ජූනි මස 02 සිට මේ ස්වරූපයේ වෙනසක් අති වෙන්න පුලුවන්” අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසී වෙත ප්‍රකාශ කර තිබිණි.

අද තත්ත්වය

අද (මැයි 30) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ය.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි ගැන ඔබ දන්නවාද?
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය වළක්වන හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නියාමකයෙක් හෙරොයින් අයිස් සහ දුම්කොල සමග අත් අඩංගුවට…

Next Post

ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ සිද්ධියට අදාල නඩුව කැඳවීම ජූලි 11ට දින නියම වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.