කොහුවල බුද්ධඝෝෂ විද්‍යාලය අසල වාහන අමතර කොටස් අලෙවිසැලකට අද (16) පස්වරුවේ නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලීසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
සිද්ධියෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත. වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 ගිනි අවියක් භාවිත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලිසිය පවසයි. මෙය අද දවස තුළ වාර්තාවන දෙවැනි වෙඩි තැබීමේ සිද්ධිය ය. අද උදේ මන්නාරම අධිකරණ භූමිය අසලදී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ අතර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමට ඝාතකයෙක් සමත් වී තිබිණි.







