නුගේගොඩ කොහුවල හන්දිය සහ නුගේගොඩ හන්දිය අතර ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද (22) රාත්රී 8.30 ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
පොලිසියට අනුව වෙඩි තැබීම සිදුක කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකි. ප්රහාරයෙන් පසු වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
තුවාල ලැබූ පුද්ගලයා වහාම ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි ප්රහාරයට ලක් වී ඇත්තේ කළුබෝවිල ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අද උදෑසනත් අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක් වාර්තා වුන අතර ඉලක්ක වූ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරු එම ස්ථානයේදීම මිය ගියේය.
පොලිසිය පවසන්නේ මේ වසර තුළ මේ වනවිට වෙඩි තැබීම් 112ක් සිදුවී ඉන් පුද්ගලයින් 59 දෙනෙක් මිය ගොස් 56 දෙනෙක් තුවාල ලබා ඇති බවය.







