ගම්පහ මහ රෝහලේ කොවිඩ් ආසාදිත මවක් සිය දරුවා බිහිකර දින 6කට ගතවූ පසුව අද දින මිය ගොස් ඇතැයි වාර්තා වේ.
තිස්තුන් හැවිරිදි දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය පසුගිය එකොළොස් වැනිදා දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති අතර ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පැවැති බැවින් covid පරීක්ෂණයට ලක් කොට ඇති අතර එහිදී ඇය ආසාදිත කාන්තාවක් බවට හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් දරුවා බිහි කිරීමේ ශල්‍යකර්මය එදිනම සිදු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
ඇය දින කිහිපයක් අසාද්‍ය තත්වයේ සිට අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.