fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අවධානම යළි ඉහළට… කඩිනමින් එන්නත්කරණයට යොමු වන්නැයි ජනපති ඉල්ලයි!.

සති 2ක් ago
in පුවත්
467 4
0
Share on FacebookShare on Twitter

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ   අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  යළිත් රට තුළ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   කොවිඩ් සහ මන්කි ෆොක්ස් වසංගත තත්ත්වය සම්බන්ධව සිදු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.

පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී  එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කි ෆොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට  පැමිණිලා නැහැ. ලංකාවට  එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවන පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා”

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජලාශවල වාන් දොරටු විවෘත වේ…

Next Post

 සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ.

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist