සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ විය.
ඒ සම්බන්ධව දේශපාලන පක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් අද දිනයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.
තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ හෙට (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට නියමිත අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.