බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා සුවවෙන්න ට්‍රම්ප්ට තවම අත්හදා බලන ඖෂධයක අධිමාත්‍රාවක් දෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව කොරෝනා වෛරසය ආසාදනය වූ
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, එරට ජෛව තාක්‍ෂණ සමාගමක් වන රෙජිනෙරොන් විසින් වැඩි දියුණු කරන ලද, තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින ප්‍රතිදේහ ඖෂධයේ ඉහළ මාත්‍රාවක් සිකුරාදා කොවිඩ් -19 ප්‍රතිකාරයක් ලෙස ලබාදී තිබේ.

කෙසේ වෙතත් එම ඖෂධ ඇමරිකානු ජනාධිපතිවරයාට ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් අමෙරිකානු විශේෂඥයින් විරෝධය පළ කර ඇත.

මෙම ඖෂධය අනුමත කිරීමට පෙර ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ඇතැම් විශේෂඥයින් එකඟ වී නැත.

මෙම ප්‍රතිකාරය REGN-COV2 ලෙස හැඳින්වේ. එය ප්‍රතිදේහ දෙකක එකතුවකි. මිනිස් සෛල ආක්‍රමණය කිරීම සඳහා භාවිතා කරන නව කොරෝනා වයිරසයේ කොටසක් සමඟ බැඳීම සඳහා වර්ධනය කරන ලද ආසාදනය හා සටන් කරන ප්‍රෝටීනයක් බව හැඳින්වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම ප්‍රතිදේහ වෛරසයේ “ස්පයික් ප්‍රෝටීන” වල විවිධ කොටස්වලට සම්බන්ධ වී එහි ව්‍යුහය විකෘති කරයි.

ඖෂධයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව විවිධ මාත්‍රා මට්ටම්වලින් පරීක්ෂා කිරීමට සායනික පරීක්ෂණ තවමත් සිදු කරමින් පවතී.

පසුගිය අඟහරුවාදා, සමාගම විසින් මුල් අවධියේ සායනික අත්හදා බැලීමේ ප්‍රතිඑල ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, එහි ප්‍රතිකාර මගින් රෝහල්ගත නොවූ කොවිඩ් -19 රෝගීන්ගේ වෛරසයේ ප්‍රමාණය සහ සුවවීමේ කාලය අඩු කළ බවයි.

රෝගීන් 275 දෙනෙකු සම්බන්ධ ප්‍රතිඑල නිකුත් කරමින් රෙජිනෙරොන් හි සභාපති ජෝර්ජ් යැන්කොපූලෝස් පැවසුවේ සමාගම මෙම ප්‍රතිකාරය සම්බන්ධයෙන් රජයේ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

නමුත් සවිස්තරාත්මක දත්ත තවම ප්‍රසිද්ධ කර හෝ සම-සමාලෝචනය කර නොමැත.

ප්‍රතිකාරයෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල, රෝගීන් හතර දෙනෙකු තුළ මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුවන ප්‍රතික්‍රියා දක්නට ලැබූ බව කියවේ. යම් යම් සංකූලතා හටගැනුණද කිසිවකු මිය ගියේ නැති බව එරට වාර්තා පවසයි.

මෙහි අතුරු ආබාධ මොනවාදැයි සමාගම විස්තර කර නැත. නමුත් නිව්යෝර්ක්හි ලෙනොක්ස් හිල් රෝහලේ වෛද්‍යවරයකු වන අරුන් ස්වාමිනාත් පැවසුවේ සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරයේ මෘදු ප්‍රතික්‍රියාවලට උණ, හෙම්බිරිස්සාව සහ තෙහෙට්ටුව ඇතුළත් වන බවයි. වඩාත් බරපතල රෝග ලක්ෂණ අතර පපුවේ වේදනාව සහ හුස්ම හිරවීම ඇතුළත් වේ.

රෙජිනෙරොන් එක්සත් රාජධානියේ රෝහල්ගතව සිටින කොවිඩ් -19 රෝගීන් සඳහා සහ එම රෝගීන්ගේ ගෘහස්ථ සම්බන්ධතා ආසාදනය වීම වැළැක්වීම සඳහා මෙම ඖෂධය ගැන පරීක්ෂණ පවත්වයි.

අත්හදා බැලීම්වලට පෙර ට්‍රම්ප්ට ප්‍රතිකාර ලබා දීමට ගත් තීරණය පිළිබඳ ඇතැම් විශේෂඥයන් සිය කනස්සල්ල පළකර තිබේ.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ප්‍රවීණ වෛද්‍යවරියක සහ මහාචාර්යවරියක් වන කාර්ලා පෙරිසිනෝටෝ ඒඑෆ්පී වෙත පැවසුවේ අනුමත නොකළ ප්‍රතිකාර “සානුකම්පිත භාවිතය” පදනම මත භාවිතා කිරීම සාමාන්‍යයෙන් අනෙක් සියල්ල අසමත් වූ විට සිදුවන්නක් බවයි.

“මෙමගින් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම බෙහෙවින් වැඩි ය. සාමාන්‍යයෙන් මම පර්යේෂණාත්මක හා ඔප්පු නොකළ ඕනෑම දෙයක් ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි” ඇය පැවසුවාය.

හාවඩ්හි මහජන සෞඛ්‍ය විශේෂඥයෙකු වන ජෙරමි ෆවුස්ට් පැවසුවේ එය යම් යම් අපහසුතා ඇති කළ හැකි බවය. එක්කෝ ජනාධිපතිගේ කණ්ඩායම විද්‍යාත්මක ක්‍රියාවලිය තේරුම් ගෙන නොතිබුණි, නැතහොත් ඔවුන් තේරුම් ගෙන ඇති නමුත් වෙනත් කෙනෙකුගේ උපදෙස් මත ට්‍රම්ප් විසින් එය යටපත් කර භාවිතයට ගන්නට ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලනියා ට්‍රම්ප්ට ඉක්මන් සුවය පතා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙති අහිමි මල් පවා සුවඳ විහිදුවයි…

Next Post

ගෙදරදි හදන අයිස් ක්‍රීම් එකක මිහිරි රසය විඳිමු..

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.