සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ගෙදරදි හදන අයිස් ක්‍රීම් එකක මිහිරි රසය විඳිමු..

by editor
ඔක්තෝබර් 3, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

අයිස් ක්‍රීම් කියන්නෙ ලොකු පොඩි හැමෝම කැමති අපූරු අතුරුපසක්. රටේ ලෝකෙ මොනතරම් අයිස්ක්‍රීම් වර්ග තිබුණත් සාපේක්ෂ සෞඛ්‍ය ආරක්ෂිත තත්වයක් තුළ පිරිසිදුව ගෙදරදීම අයිස්ක්‍රීම්  එකක් හදාගන්න අපි උත්සාහ කරලා නෑ. පොඩ්ඩ්ක් උත්සාහ කරලා ගෙදරදීම රසවත් අයිස්ක්‍රීම් එකක් හදාගන්න බලමු. ඒ උත්සාහය අපතෙ යන එකක් නෑ.

1. පොල් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් ගෙඩියක කිරි
    උකු කිරි ටින් එකක්
    වතුර කෝප්ප 4ක්
    ජෙලටින් තේ හැඳි 3ක්
    වැනිලා තේ හැන්ඳක්
    සීනි කෝප්පයක්

පොල් කිරි සහ ටින් කිරි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මද රස්නයෙන් යුතු වතුරෙහි ජෙලටින් හා සීනි එක් කර හොඳින් දිය කර එයත් පොල්කිරි මිශ්‍රණයට දමා කලවම් කරන්න. පසුව පදම් වන තුරු ශීතකරණයේ තබා පැය හතරකින් පමණ ශීතකරණයෙන් ඉවතට ගෙන පළමු මිශ්‍රණය මෙන් තුන් ගුණයක් වන සේ බීටරයකින් ගසා ගන්න. ඊට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා මිදෙන්න හරින්න.

2. වටලප්පන් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • පොල්කිරි කෝප්ප බාගයක්
    හකුරු අවුන්ස 6ක්
    ජෙලටින් තේ හැන්ඳක්
    කජු අවුන්සයක්
    මද රස්නෙන් යුතු වතුර අවුන්ස දෙකක්
    බිත්තර 2ක්
    වැනිලා තේ හැන්ඳක්

පොල් කිරි භාජනයකට දමා ලිප තබන්න. එයටම බිත්තර කහමද හා සූරාගත් හකුරු එක්කර මිශ්‍රණය උකු වනතුරු හොඳින් හැඳිගාන්න. ඉන්පසු ළිපෙන් බා නිවෙන්නට හැර වැනිලා හා දියකරගත් ජෙලටින් එක්කර හොඳින් බීට් කරගන්න. එයටම හොඳින් බීට් කරගත් බිත්තර සුදු මද ක්‍රමයෙන් එකතු කරන්න. මිශ්‍රණය ශීතකරණයේ තබා පැකට පමණ පසු ඉවතට ගෙන නැවත බීට් කරගන්න. නැවත ශීතකරණයේ තබන්න. මේ අයුරින් තුන් වරක් පමණ මිශ්‍රණය හොඳින් බීට් කර ශීතකරණයේ තබන්න.

3. කොමඩු අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇට ඉවත් කර කෑලි කරගත් කොමඩු කෝප්ප 2
    සීනි මේස හැඳි 4
    විපින් ක්‍රීම් කෝප්පයක්

කොමඩු කෑලි වලට සීනි දමා මිනිත්තු 2ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් වූ පසු එයට විපින් ක්‍රීම් එක් කොට නැවත විනාඩි 2ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. දැන් පියන හොඳින් වසා ගත හැකි බඳුනකට මිශ්‍රණය දමා පැය12ක් පමණ අධි ශීතකරණයේ තබන්න.

4. දූරියන් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දූරියන් මදුළු 8-10 පමණ
    මිල්ක්මේඩ් ටින් එකක්
    විපින් ක්‍රීම් කෝප්ප බාගයක්

දූරියන් මදුලේ තිබෙන ඇට ඉවත් කර මදුළු ටික බ්ලෙන්ඩ් කරගන්න. දැන් එම මිශ්‍රණය අධි ශීතකරණයේ තබන්න. භාජනයක් සහ විස්ක් දෙකක් ශීතකරණයේ තබා විනාඩි 30කින් ශීතකරණයෙන් ඉවතට ගෙන ඒ බඳුනට විපින් ක්‍රීම් දමා ඝන වන තෙක් බීට් කරන්න. එයට මිල්ක්මේඩ් ද එක් කරමින් නැවත බීට් කරගන්න. දැන් මෙම මිශ්‍රණය අධි ශීතකරණයේ පැය බාගයක් තබා එම වේලාවෙන් පසු එළියට ගෙන බ්ලෙන්ඩ් කර අධි ශීතකරණයේ තබූ දූරියන් මිශ්‍රණයට එක් කර පත්තකින් හොඳට කලවම් කරගන්න. මෙසේ හොඳින් කලවම් කර ගත් පසු මිශ්‍රණය පැය 12 පමණ අධි ශීතකරණයේ තබන්න.

5. අලිගැටපේර අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු අලිගැටපේර ගෙඩියක්
    මිල්ක්මේඩ් ටින් 1ක්
    ලෙමන් ජූස් මේස හැඳි 2ක්
    ලුණු ස්වල්පයක්
    හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2ක්

අලිගැටපේර මදය සූරා බ්ලෙන්ඩර් එකට දමා එයට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 30ක් විතර ශීතකරණයේ තැබූ බඳුන හා විස්ක් දෙක රැගෙන එයට විපින් ක්‍රීම් දමා බීට් කරගන්න. ඝනකම් වන තෙක් බීට් කර ගත් පසු එයට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර මිශ්‍රණය ටික ටික එක් කර හෙඳින් බීට් කරගන්න. මෙම මිශ්‍රණය අධි ශීතකරණයේ පැය 12ක් පමණ තැබිය යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා සුවවෙන්න ට්‍රම්ප්ට තවම අත්හදා බලන ඖෂධයක අධිමාත්‍රාවක් දෙයි

Next Post

රියාද් බදියුදීන් නිදහස් කිරීම ඩීල් එකක්දැයි අගරදගුරු හිමියන්ට සැකයක්

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.