බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් සමග අත් අඩංගුවට ගත් ස්නයිපර් ගිනි අවිය අපරාධ සඳහා භාවිතා කළා දැයි පරීක්ෂා කරන්න… අධිකරණය නියෝග කරයි.

by editor
ජනවාරි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සැක කටයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටි කමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ ස්නයිපර් ගිනි අවිය  වෙනත් අපරාධයක් සඳහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ එම සිදුවීමට අදාල නඩුව අද කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කසුන් දසනායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ අවසන් වූ පසුව රුපියල් ලක්ෂ දෙකක  බැඳුම්කරයක් මත ශ්‍රී ලංකා යුද හමුදාව වෙත මුදා හරින ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

එම නියෝගයේ සඳහන් වන්නේ ස්නයිපර් අවිය අවශ්‍ය වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළ යුතු බවය.

ස්නයිපර් අවිය රුපියල් ලක්ෂ 62ක වටිනාකමකින් යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ හාබර් මාස්ටර් කාර්යාලයට ඇතුළුවන වරාය ගේට්ටුව ආසන්නනයේ දී ස්නයිපර් අවියක් සමග සැක කටයුතු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලබන්නේ පසුගිය ඉරිදා දිනයේ ය.

සිවිල් ඇදුමින් සැරසී සිටි මේ පුද්ගලයින් දෙදෙනා කළු රෙදි කැබැල්ලකින් ආවරණය කර අදාල අවිය ලඟ තබාගෙන සිටි බවත් අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිම ලේඛනයක් ඔවුන් සතුව නොතිබුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ස්නයිපර් වර්ගයේ ගිනි අවි ඉලක්ක කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව ඒ වනවිට බුද්ධි තොරතුරු ලැබී  තිබුණු බැවින් මෙම සැකකරුවන් පරීක්ෂා කර අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

පසුගිය සඳුදා අදාල සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ යුද හමුදාවෙන් ද නීතිඥවරයෙක් අධිකරණයට ඉදිරිපත් වුනේය. එම නීතිඥවරයා පැවසුවේ යුද හමුදා කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් වන සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවට පෙර වරාය පරිශ්‍රය තුළ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පෙරහුරුවක යෙදී සිටි බවය. මෙම විශේෂ පුහුණුව සඳහා යොමු වී සිට ඔවුන් වරාය පරිශයෙන් පිටවී එන අවස්ථාවේ දී පිටවිය යුතු ගේට්ටුව වසා තිබුණු නිසා වෙනත් මාර්ගයකින් පැමිණෙන විට අත් අඩංගුවට පත් වී ඇතැයි නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු අධිකරණයට කියා සිටියේ ස්නයිපර් අවිය ලඟ තබා ගැනීමට ඔවුන්ට අනුමැතිය තිබූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2026  පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තුවේ වෙනසක්  නෑ… PUCSL නිවේදනය කරයි!

Next Post

කලා ඔය බස් රථ සිද්ධිය…  ජීවිත 68ක් අනතුරේ දමා 02ක ගේ ජීවිත අහිමි කළ   බස් රථ  රියදුරාට මිනී මැරුම් චෝදනා ගොනු වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.