බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසල් ගෙන් දැවැන්ත ප්‍රහාරයක්… පන්දු 46ක දී වාර්තාගත ශතකයක්… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 218යි…

by editor
ජනවාරි 2, 2025
in පුවත්
කුසල් ජනිත්

කුසල් ජනිත්

Share on FacebookShare on Twitter

ඉතිහාසගත  ප්‍රහාරයක් සමග  කුසල් පෙරේරා අමතක නොවන පිතිකරණකය. පන්දු 46කින් ලකුණු 101කි. ඊට හයේ පහර 04කි. 04 පහර 13කි. අතිශය තියුණු ලකුණු 219ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්ත කණ්ඩායමට ලබා දී ඇත.

විස්සයි 20 ජාත්‍යාන්තර තරග අතර ලකුනු 2000ක් ඉක්ම වූ මුල්ම ක්‍රීඩකයා බවට කුසල් පෙරේරා පත්වුනේය. ඔහු අද තරගයේ පිතිකරණ ඉනිම නිමා කරන්නේ තරග 77ක දී ඉනිම 76ක් තුළ ලකුණු 2056ක් ලබා ගනිමිනි.

නෙල්සන්හිදී පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. සත්කාරක ක්‍රීඩකයින් පළමු තරඟ දෙක ජයගෙන තරඟාවලිය දැනටමත් අවසන් කර ඇති අතර, 3-0ක් ලෙස ජය ගැනීමට අපේක්ෂා කරයි.

T20I තරඟාවලියේ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාව විසින් පතිරණ සහ කමිඳු ඉවත් කර තිබිණි. භානුක රාජපක්ෂ නැවත කණ්ඩායම තුළට කැඳවා තිබිණි. චමිදු වික්‍රමසිංහද කණ්ඩාමට එක් වූයේය.

තණතීරුව සහ කොන්දේසි අනුව, වළාකුළු පිරි ආරම්භය වේග පන්දු යවන්නනට යහපත් බව පෙනුණි. යම් සහයක් ලබා දිය යුතුය. කෙසේ වෙතත් විකට් එක සාමාන්‍යයෙන් පිතිකරණයට හොඳ බව පෙනුනි. එහෙත් සිදුවූයේ බලාපොරොත්තු රහිත ප්‍රහායකට නවසීලන්ත පන්දු යවන්නනට මුහුණ දෙන්නට සිදුවීමය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක අද සාර්ථක වූයේ නැත. පැතුම් ලකුණු 14කි. කුසල් ලකුණු 22කි. අංක 4ට පැමිණි අවිශ්කත් ලකුණු 17කට දැවී ගියේය. එහෙත් අංක 3 පිතිකරු කුසල් ජනිත් සහ නායක චරිත් අසලංක තරගය මුලුමනින්ම කණපිට හැරෙව්වේය. කුසල් පන්දු 46ක දි ලකුණු 101ක් ලබන විට චරිත් පන්දු 24ක දී ලකුණු 46ක් ලැබුවේය. ඒ හයේ පහර 05ක් සමගිනි. එක් හතරේ පහරක් ද ඊට එක් විය. චරිත් අසලංක සහ කුසල් පෙරේරා අතර ගොඩනැගුණු සබඳතාවය ලකුනු 100කි. ඒ සිව්වන කඩුල්ල වෙනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 218කි. නවසීලන්ත ඉනිම අරඹී තිබේ. බලාපොරොත්තු සහගතව බලාගෙන හිඳිමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල් කුමාර රිමාන්ඩ් …

Next Post

ඉතිහාසය අලුත් කරමින් ජයග්‍රහණය කළ අවසන් විස්සයි 20 තරගය…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.