බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලපති වුනත් හෙද සංගමයෙ සභාපතිකම අතහරින්නෙ නෑ… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි…

වෘත්තීය සමිති නායකයෙක් ලෙස කුලපති ධුරය හොබවන හැටි ගැන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියන කතාව...

by editor
නොවැම්බර් 3, 2021
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹ විශ්විද්‍යාලයේ කුලපති ධුරයෙන් පිදුම් ලබන්නට සූදානම් වෙති.  විශ්විද්‍යලයේ අති ගෞරවණීය, පෞරුෂයේ ප්‍රකාශනයවන කුලපති ධුරයට පත්වීම සම්බන්ධව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ  සමග ඉතාම කෙටි සංවාදයක යෙදුනෙමු. මේ ලංකාසර අප ඇසූ ප්‍රශ්නවලට උන්වහන්සේ දුන් පිළිතුරුය. 

  • මං හොඳට හොඳයි… නරකට නරකයි… කුලපති තනතුරේ හිටියත් වෘත්තීය සමිති එක්ක ගෙනයන වැඩපිළිවෙළ ඒ ලෙසම ගෙනියනවා…

  • සාධාරණ වෘත්තීය සමිති අරගලවල දි ඔවුන් එක්ක එක්වීමට මේ තනතුරු බාධාවක් කරගන්නෙ නෑ…

  • සාධාරණ ශිෂ්‍ය අරගවල දි මා ඒ ශිෂ්‍ය අරගලයෙ පෙරමුණ ගන්නවා. කැළණි විශ්ව විද්‍යාලයේ ලයිට් කපපු වෙලාවේ මා තමයි ඉදිරිපත්වෙලා ප්‍රශ්නය විසඳුවේ. ශිෂ්‍යයින්ට දවස් 15ක් කන්න බොන්න දුන්නෙත් මමයි.

ප්‍රශ්නය –  කොළඹ විශ්වවිද්‍යාලයේ නව  කුලපති තනතුර ඔබ වහන්සේට  පිරිනැමීමට රජය කටයුතු කර තිබෙනවා. ඔබවහන්සේ එය පිළිගන්න සූදානම් ද?.

පිළිතුර – මෙය කාලයක සිට තිබුණු ඉල්ලීමක්. මා අකමැත්තෙන් හිටියෙ. එහෙත් කීප දෙනෙක් මේ තනතුර බාරගන්න කියලා නිරන්තරයෙන් කරන දැඩි ඉල්ලීම නිසයි මා එය බාරගන්න තීරණය කළා.

ප්‍රශ්නය – -ආණ්ඩුව කඩිමුඩියේ   විශ්ව විද්‍යාල කුලපති තනතුර  ඔබ වහන්සේට පිරිනැමීමට  හේතුවක් තියෙනවාද?

පිළිතුර – මෙය කඩිමුඩියේ වුන දෙයක් නෙවෙයි.   මට මේ තනතුර දෙන්න බොහෝ කාලයක සිට සුදානම් වෙලා හිටියෙ. ඔබට මුලින් මා කීවෙ.  මම ඒ තනතුර ගන්න ඒ තරම් කැමැත්තක් දැක්වු නැති නිසයි එය මේ තරම්වත්  ප්‍රමාද වුනේ.  

ප්‍රශ්නය – කුලපති තනතුරක ඔතලා මේ දෙන්නෙ ආණ්ඩුව ගෙන යන   ඇතැම් හිතුවක්කාර වැඩපිළිවෙළට එරෙහිව ඔබ වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම් මතුකරන විරෝධය වළක්වා ගැනීමට  දෙන වරදානයක් නේද?

පිළිතුර – කවුරු මට තාන්න මාන්න වරප්‍රසාද, වරදාන  ලබා දුන්නත් මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට කිසිවිටකත් මා ක්‍රියා කරන්නේ නැහැ. රජය මොන තාන්තර මට පිරි නැමුවත් මම රටේ යහපත  උදෙසා මෙතෙක් ගෙන ගිය  ක්‍රියා මාර්ගයන් ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ගෙන යනවා. එහි කිසිදු අඩුවක් කරන්නේ නැහැ.. මං හොදට හොදයි… නරකට නරකයි…

ප්‍රශ්නය – ඔබ වහන්නේ තනතුරු පස්සෙන් යනවා කියලා ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා. මේ ගැන යමක් කීවොත්?

පිළිතුර – මම තනතුරු පස්සෙන් යන්නේ නැහැ. තනතුරු මා පස්සෙන් ආවා. කවුරු කොහොම කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යූතුයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ප්‍රශ්නය – වෘත්තීය සමිති නායකයෙක් ලෙස ඔබ වහන්සේ මෙතෙක් කලක් ගෙන ගිය වැඩපිළිවෙළ මේ තනතුරු පිරිනෑමිම සමග   නතර වෙනවාද?

පිළිතුර – කිසිම විදිහකින් නතර වීමක් සිදුවෙන්නේ නැහැ. මොන තනතුරු තානාන්තර දැරුවත් මා රට ජාතිය වෙනුවෙන් ගෙන ගිය සෑම වැඩපිළිවෙළක්ම විශේෂයෙන්ම වෘත්තීය සමිති නායකයෙක් විදිහට ගෙන ගිය සියලුම වැඩපිලිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ගෙන යනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා ලෙස ඉදිරියටත් ක්‍රියා කරන්නේ මමයි.

ප්‍රශ්නය – මේ වන විට රටපුරා වෘත්තීය සමිති තමන්ගේ වෘත්තිය ඉල්ලීම් ලබා ගැනීම සහ දේශීය සම්පත් විකිණීමට එරෙහිව නැගී එමින් සිටිනවා. මේ වෘත්තීය සමිති නියෝජිතයින් වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔබ වහන්සේගෙන් යම් උදව්වක් ඉල්ලා සිටියහොත් එය ලබාදීමට ඉදිරිපත් වෙනවාද?

පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්‍. මිනිසා උපන්නේ මිනිසාට සේවය කරන්නයි.  ඒ ප්‍රතිපත්තිය  මා තුළ කිසිම අඩුවක් වෙලත් නැහැ. අඩුවක් වෙන්නෙත් නැහැ. වෘත්තීය සමිතිවල ඉල්ලීම සාධාරණ නම් ඔවුන්ගේ ඉල්ලීම රටේ උන්නති උදෙසා නම් මගේ මැදිහත් වීම අනිවාර්යයෙන්ම ලබා දෙනවා.

ප්‍රශ්නය – අලුත් තනතුරේ වැඩ කටයුතු සම්බන්ධයෙන් යමක් කීවොත්?

පිළිතුර – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති මාලාවට අනුව පිලිගත් අණපනත්වලට අනුව කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

ප්‍රශ්නය – විශ්වවිද්‍යාල ශීෂ්‍යයින් නිරන්තරයෙන්ම තමන්ගේ අයිතීන් දිනා ගැනීමට අරගලවල නිරත වන කණ්ඩායමක්. ශිෂ්‍යයින්ගේ මේ අරගල වලදී ඔබ වහන්සේ අනුගමනය කිරීමට  බලාපොරොත්තු වන්නේ මොනවගේ ප්‍රතිපත්තියක්ද?

පිළිතුර – ඕනෑම කෙනෙකු තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කරන්න අවශ්‍යයයි. ඒක ඔවුන්ගේ අයිතියක්.  මම එක පිළිගන්නවා. නමුත් අනවශ්‍ය ලෙස විවිධ දේශපාලන වුවමානාවන්ට අනුව ශිෂ්‍යයන් නැගී සිටියොත් තමයි ගැටලුවක් මතුවෙන්නේ. එහෙම නැතිව ශීෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනිමට ඔවුන් කටයුතු කරනවා නම් ඒ සදහා මම පෙරමුණ ගන්නවා.  කැළණි විශ්ව විද්‍යාලයේ ලයිට් කපපු වෙලාවේ මා තමයි ඉදිරිපත්වෙලා ප්‍රශ්නය විසඳුවේ. ශිෂ්‍යයින්ට දවස් 15ක් කන්න බොන්න දුන්නෙත් මමයි. මම ශිෂ්‍යයින්ගේ විතරක් නොවෙයි මේ රටේ සියලුම ජනතාවගේ සාධාරණ ප්‍රශ්න වෙනුවෙන්  නැගී සිටිනවා. ඒක එදත් කළා. අදත් කරනවා හෙටත් කරනවා. 

ප්‍රශ්නය –  ඔබ වහන්සේ පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය නැතහොත් මහින්ද රාජපක්ෂ කියන චරිතයට බෙහෙවින්ම ලංවෙලා කටයුතු කළ කෙනෙක්. නමුත් පසුගියදා  එම පක්ෂයේ පැවති  සම්මේලනයට සහභාගි වුණේ නැත්තේ ඇයි?

පිළිතුර –  ඒක දේශපාලන වැඩක්. මම කවදාකවත් දේශපාලන වැඩ කළ කෙනෙක් නෙවෙයි. මහින්ද මහත්තාය රට ගොඩ   ගත් නායකයෙක්. මේ රට ගොඩනගා ගන්න භික්ෂුවක් විදිහට මා ඉදිරියට ආවා. ඒක භික්ෂුවට තියෙන අයිතියක්‍. එහෙම නැතිව දේශපාලන පක්ෂවලට කත් අදින භික්ෂුවක් නොවෙයි මම. මම දේශපාලන පක්ෂයකට කත් අදින භික්ෂුවක් නම් මට යන්න තිබුණා පොහොට්ටුවේ සම්මේලනයට. මම ගියේ නැහැ.

අපේ ස්වාධීනත්වය භික්ෂුවකගේ ගෞරවය රැකගෙන තමයි  අපි වැඩ කරන්නේ. මම උදව් කලේ රට ගොඩ ගන්න මිසක් පක්ෂ නගා සීටුවන්න නොවෙයි.  මා කිසිම දේශපාලන පක්ෂයකින් වැලි කැටයක් වත් අරගෙන නැහැ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“දින දෙකක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කරන්න ඉඩදෙන්නේ නෑ”

Next Post

අපි සොයාගත් නැනෝ පොහොර ඉන්දියාවට  ගිය හැටි මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ බී.බී.සී.යට හෙළි කරයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.