සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුමණ ආගමකට අයත් වුනත් අති උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳින මේ බිමේ ඉපදෙන්න ලැබීම වාසනාවක්…

කාදිනල් හිමියෝ ශ්‍රී දළදා පූජෝත්සවය සම්බන්ධව අදහස් දක්වමින් පවසති...

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කුමණ ආගමක් අදහනු ලැබුවත් අති උතුම් දළදා වහන්සේ වැඩ වාසය කරන මේ භූමියේ ඉපදුන අප සියලු දෙනාම වාසනාවන්තයින් බවත් මේ රටේ පොදු උරුමයේ කොඳු නාරටියවන බුදු දහම ආරක්ෂා කරගැනීම පුරවැසියන් ලෙස සියලු දෙනා සෑම දෙයක්ම කළ යුතු බවත් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පවසති.

සිරි දළදා වන්දනා මහෝත්සවය සම්බන්ධව පණිවිඩයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන්න වහන්සේ ඉල්ලා සිටින්නේ අති උතුම් දළදා වහන්සේට දක්වන වන්දනා ගෞරවයේ කොටසක් ලෙස මේ අවස්ථාව ජාතීන් අතර, අන්තර් ආගමිකයින් අතර සහජීවනය සහ බැඳීම වැඩි කරගැනීමේ අවස්ථාවක් බවට පත් කරගන්නා ලෙසය.

මේ උතුම් අවස්ථාවට කිතුනු ජනතාව ලෙස සහයෝගය දක්වමින් එක්වන බව පවසමින් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් දැක්වූ අදහස මෙසේය.

අපේ ජාතික සංස්කෘතිය සංස්කරණය වෙලා තියෙන්නෙ බෞද්ධ දේශනාවලින් අපට ලැබුණ ධර්මය තුළයි. ඒ ධර්මයේ වටිනාකම අපට තව තවත් වැඩිපුර දැනෙන්නේ මේ රට තුළ සහෝදරත්ව සාමය එකඟතාවය ජාතීන් අතර එකමුතුව වර්ධනය කරන්න ඒ ධර්මයෙන් අපට ලැබෙන උතුම් වූ ආභාසය නිසයි.

ඉතින් මේ වගේ උතුම් වස්තුවක් අපට ලැබිලා තියන මේ රටේ ඇත්ත වශයෙන්ම අපි මොන ආගමක් ඇදහුවත් මේ රටේ ඉපදෙන්නට වාසනාව ලබා ගත් අය වෙන්නට ඕන. ඒ ගැන උද්දාමයට පත්වන අතර මේ රටේ පොදු උරුමයේ කොඳු නාරටිය වන බුදු දහම ආරක්ෂා කරගැනීමට අප හැම දෙයක්ම කළ යුතුයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ඉතින් මේ වැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ ඉතාම උතුම් වූ වස්තුවක් වන බුදු දහමට සම්බන්ධ බුදු රජානන්වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ මේ ශ්‍රී ලංකා පොලව තලය මත වැඩ වාසය කිරීම අප සියලු දෙනාටම ලැබුන පොදු ආශීර්වාදයක්.

ඒ නිසා මේ දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන්නට ශ්‍රි ලංකාවේ රජය අති පූජ්‍ය වන්දනීය මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටීම සහ එම ඉල්ලීම පිළිගෙන මේ උතුම් වූ වස්තුව අපේ රටට ලබා දීමට ඒ ආගමික නායකත්වය ගත්ත ක්‍රියාදාමය අපි හුඟක් අගය කරනවා. ඒ අයට ස්තුතිවන්ත වෙනවා.

ඉතින් මේ අවස්ථාවේදී අන්තර් ආගමික සහජීවනය සහ සහෝදරත්වය වර්ධනය කරන්නාවූ මෙවැනි උතුම් අවස්ථාවක් ගැන සතුටුවන අතර මේ සියලු දෙනාටම අපේ අවංක ස්තුතිය පුද කර සිටිනවා.

එලෙසම මෙම දන්තධාතූන් වහන්සේ වැඳ පුදාගන්නට, ගෞරව කරන්නට අපේ ජනතාව පෙළ ගැසී එන මොහෝතේ දී අපි අපේ සහෝදරත්වය ඔවුන් සමග දක්වන්නට එකතු වෙමු.

එලෙසම මේ රට තුළ ආගමික සංහිඳියාව සහෝදරත්වය වර්ධනය කරන්නට අපට ගත හැකි හැම පියවරක්ම ගනිමු. අති උතුම් වූ දළදා වහන්සේට අප දක්වන ගෞරවයේ කොටසක් බවට එය පත් කර ගනිමු. වන්දනා ගෞරවයට අමතරව ජාතීන් අතර, ආගමිකයින් අතර සහෝදරත්වය වර්ධනය කර ජීවත් වීම අප උන්වහන්සේට දක්වන ගෞරවයේ තවත් ඉතා වැදගත් දෙයක් වෙනවා.

ඒ නිසා මේ අවස්ථාවේ දී අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ කටයුත්තට සහයෝගය දක්වන ලෙසයි. අපි ඔක්කොම එකතු වෙලා මේ ගෞරවය උන්වහන්සේට ලබා දෙමු.

ඒ වගේම මේ අවස්ථාවේ දී මා කතෝලික කිතුණු ජනතාව වෙනුවෙන් බෞද්ධ සහෝදරයින්ට සුබ පතනවා. එමෙන්ම අති පූජනීය වන්දනීය මහා නායක හිමිවරුන් ප්‍රමුඛ ලංකාවේ ජීවත්වන සෑම බෞද්ධ සහෝදර සහෝදරියකටම අපගේ සුබාශිංශනය සහ ආශීර්වාදය පුද කරනවා.

ශ්‍රී ලංකාවට මේ උතුම් වූ අවස්ථාවෙන් ජය වේවා මා ප්‍රාර්ථනා කරනවා.

Share69Tweet43
Previous Post

සම්බාධක පැනවීමේ ඔබේ ඒක පාර්ශවික තීරණයෙන් සංහිඳියාවේ ක්‍රියාදාමයට අගතියක් මිස කිිසිම සහායක් නෑ… රජය බ්‍රිතාන්‍යය මහකොමසාරිස්ට දන්වයි!

Next Post

යෝෂිතගේ නයිට් ක්ලබ් මැරයින් 4ක් පොලිසියට භාර වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.