කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අද (09) තීන්දු විය.
මෙම යෝජනාව සාකච්ඡාවට ගනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී ය.
කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය ඇඳන් 1500කින් සමන්විත අංගසම්පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි බව එහිදී පෙන්වා දෙනු ලැබීය.