පාලනයෙන් ගිලිහී පෘතිවි කක්ෂයේ රැඳී තිබුණු චීනය විසින් අභ්‍යාවකාශගත කළ LONG MARCH-5B රොකට්ටුවේ මීටර 30ක් පමණ දිග ප්‍රධාන බූස්ටර කොටස ඉන්දියානු සාගරයට පතිත වූ බව චීනය වාර්තා කර තිබිණි.
ටොන් 21 බර එම රොකට් කැබැල්ල ඇදවැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වූ ඉන්දීය සාගරයට බව චීනය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කළේය.
තිස් වසරකට පෙර අභ්‍යාවකාශයේ සිට පෘතුවි පෘෂ්ඨය වෙත කඩා හැලුන් විශාලම සුන් බුන් කැබැල්ල මෙය ලෙස සැලකෙන නමුත් මෙම රොකට්ටුව පෘථිවි කක්ෂයට ඇතුල්වීමේදී එහි බොහෝ කොටස් දැවී විනාශ වී තිබූ බව චීන අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානය සඳහන් කළේය.







