අද අරගල භූමියට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධව මත පලවෙමින් ඇත.
ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල ලන්ඩන් නුවර සිට විශේෂ හඬ පටයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අද අගමැතිවරයාට ඉල්ලා අස් නොවන සේ බල කිරීම සඳහා අරලියගහ මන්දිරය වෙත ලංකාවේ සෑම තැනකින්ම විශාල පිරිසක් ගෙන්වන්නේ මෙවැනි ගැටුමක් අතිකිරීමේ අභිලාෂයෙන් බවය.
යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර ඇති පරිදි මෙම පිරිස කොළඹට ගෙන්වන්නේ යෝෂිත රාජපක්ෂගේ සැලසුමක් මත බවත් ඔවුන් යොදවා අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ භූමියේ සහ ගාලු මුවදොර අරගල භූමියේ ගැටුමක් ඇතිකිරීමේ සැලසුමක් ඇති බවත් ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යාන්තර සංවිධානය කියයි.
මේ පිළිබඳව වැඩිදුරටත් හෙළි කරන එම සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මේ ගැටුම්කාරී තත්ත්වය ඇති කිරිමට යුද හමුදාපතිවරයා එකඟ වී නැති නමුත් ආරක්ෂක ලේකම්වරයා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් එම සැලසුමේ සිටින බව කියයි.
මෙහි අරමුණු ගෝඨගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ භූමිය ඉවත් කිරීම බව ද ඔහු පවසයි.
මෙම ක්‍රියාවලියට පොලිසියේ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වැඩි දෙනෙක් දැඩි අප්‍රසාදය පල කර ඇති නමුත් ගැටුම ඇති කිරීමේ අවදානම සම්බන්ධව සැලකිලිමත් වන ලෙසත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව සිදුවෙමින් ඇති දේ ගැන දැනුම්වත්ව කටයුතු කරන ලෙසත් ඔහු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.
අජිත් ධර්මපාල යනු හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂවකරයෙකි. ශිරන්ති රාජපක්ෂගේ මව යන රථ පෙළක් නැවැත්වූ බව කියමින් තමන් දේශපාලන පලිගැනීමට ලක්වුන ආකාරය සම්බන්ධව ඔහු වරෙක මාධ්‍ය හමුවේ කියා තිබිණි.
අජිත් ධර්මපාල දැන් ජීවත් වන්නේ එංගලන්තයේය. දැන් එංගලන්තයේ ජීවත් වෙනවා.
එම හඬපටය පහත දැක්වේ.
මේ කතාවත් බලන්න…
අගමැති අද ගිය කතා බොරු…. අරලියගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කරන කතාව …
Discussion about this post