සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා දරුවන් 20ක් සමග ශ්‍රී ලාංකිකයන් 303ක් රැගත් යාත්‍රාවක් වියට්නාම් මුහුදේ දී අනතුරකට…

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කුඩා දරුවන් 20 දෙනෙක් සහිත ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනෙක්  සහිත බෝට්ටුවක් වියට්නාම මහුදු තීරයේ දී  අනතුරට ලක් වූ පසු බේරා ගත් බව වියට්නාම බලධාරීහු අද (08) ප්‍රකාශ කළහ.

මියන්මාරයේ ධජය සහිත Lady 3 නැමැති මෙම  ධීවර යාත්‍රාව වියට්නාමයේ දකුණු වෙරළ තීරයේ Vung Tau වරායේ  සිට නාවික සැතපුම් 250 ක් පමණ දුරින්  මෙම අනතුරට මුහුණ දී තිබිණු බව AFP පුවත් සේවය වාර්තා කරයි.

වියට්නාමයේ සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මාධ්‍යයට ප්‍රකාශ කළේ බෝට්ටුව නාවික සැතපුම් 6,000 ක් පමණ ඔබ්බෙන් පිහිටි  කැනඩාව දෙසට ගමන් කරමින් සිටින්නට ඇතැයි විශ්වාස කරන බවය.

” යාත්‍රාවෙ ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා.    එන්ජින් කාමරයට ජලය ගලා ඇවිත්.    නොවැම්බර් 5 සිට ඔවුන්ට එය නිවැරදි කිරීමට නොහැකි වූ  බව තමයි අනාවරණය වුනේ.” වියට්නාමයේ සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කී බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊයේ ( 07) නැවේ කපිතාන්වරයා උදව් ඉල්ලා සිටීමෙන් පසු වියට්නාම බලධාරීන් ඒ අසලින් ගමන් කරමින් සිටි   ජපන් ධජය සහිත නෞකාවකින්  අනතුරට පත් මෙම ශ්‍රී ලාංකික පිරිස බේරාගන්න ලෙස ඉල්ලා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගලවා ගැනීමේ අවස්ථාව වන විට  යාත්‍රාව පාවෙමින් තිබී ඇත.  තැතිගැන්මට ලක් වූ පුද්ගලයන් රැසක් තට්ටුවේ රැස්ව සිටි බව ගලවා ගැනීමේ මධ්‍යස්ථානය පවසයි.

ළමුන් 20 දෙනෙකු ඇතුළු 303 දෙනාම ආරක්ෂිතව වියට් නාමයේ  Vung Tau වරාය  වෙත ගෙන එන ලද බව වියට්නාම් වාර්තා සඳහන් කරයි. .

විදේශ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ විනිමය අවසන් වීමෙන් පසු, අධික උද්ධමනය සහ විදුලිය ඇනහිටීම සමඟ  ආහාර, ඉන්ධන සහ ඖෂධවල දැඩි හිඟයකට මාස ගණනාවක් සිට දෙන  බවත් ඉන් බේරීම සඳහා ශ්‍රී ලාංකිකයන් රට හැර නීති විරෝධී ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ අනතුරට පත් යාත්‍රාව ලංකාවේ ලියාපදිංචි යාත්‍රාවක් නොවන බවය.  මෙම පිරිස වෙනත් රටකට ගුවන් මගින් ගොස් එතැන සිට මෙම යාත්‍රාවෙන් වෙනත් ගමනාන්තයක් සඳහා යමින් සිටි බවට සැක කරන්නේ යැයි නාවික හමුදාව කියයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද තහවුරු කළේ,  ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

8 වසරේ සිසුන් දෙන්නෙක් ගහගෙන… ප්ලාස්ටීක් වතුර බෝතල් පහරකින් එක් සිසුවෙක් මිය යයි….

Next Post

ගිංතොට පල්ලිය අසල දිය නෑමට ගිය පාසල් සිසුන් 02ක් දියේ ගිලී මරුට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.