සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම කෙනෙකුට සල්ලි දීලා ඊශ්‍රයාල් යන්න හදන්න එපා… එහෙම අවස්ථාවක් නෑ… ඒ වංචාකාරයින් ගැන අපව දැනුම්වත් කරන්න… මනුෂ කියයි!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිදු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙසත් එවිට එම පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ අද (26) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊශ්‍රායලයේ කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකිකයින් පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදුන් අවස්ථාවේදීය.

මෙරට රජය සහ ඊශ්‍රායල රජය අතර එකඟතාවයන් මත කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ වැඩසටහන් යටතේ තෝරාගත් පිරිසකට මෙලෙස ගුවන් ටිකට් පත් ලබාදීම සිදුකෙරණි.

එහිදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරනු ලැබීය. මේ අතර නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමිවූ 32 දෙනෙකු හටද ගුවන් ටිකට්පත් ලබාදීම සිදුවිය.

ඒ අනුව මේවන විට ඊශ්‍රයාලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා 642 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත. මේ අතර, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා මේවන විට කණ්ඩායම් 108ක් පිටත්ව ගොස් ඇති අතර මෙම වසරේ පමණක් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා 268 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිවාස පාදක සාක්තු සේවක රැකියා සඳහා මේවන විට සමස්ථයක් ලෙස 1102 දෙනෙකු හට රැකියා අවස්ථා හිමිව ඇත.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.

“රාජය හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීම වැලැක්වීමට මාෆියාවක් ක්‍රියාත්මක වුනා. ඔවුන් තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙලට මඩ ගැසීම් පවා කළා.

විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුදෙනාම අපේ රට නියෝජනය කරන තානාපතිවරුවන්ට සමානයි. ඒ නිසා රැකියා සඳහා යොමුවෙන සියලුදෙනා තමන්ගේ රැකියාව නිසි ලෙස සිදුකරලා තවත් ශ්‍රී ලාංකිකයින් හට රැකියා අවස්ථා ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ නීතියටත් ඊශ්‍රායලයේ නීතියටත් පිටුපාලා එරට රැදී ඉන්න කිසිම කෙනෙකුට රැකියා දෙන්න එපා කියල ඊශ්‍රායල රජයෙන් මම ඉල්ලා සිටියා. නීති විරෝධීව ඉන්න අයට රැකියා දුන්නොත් අපේ කිසිම ශ්‍රි ලාංකිකයෙකුව රැකියා සඳහා එවන්නේ නැති බවත් මම එහිදී ඊශ්‍රායල රජයට කිව්වා.  මගේ ඉල්ලීමට ඊශ්‍රායල රජය එකඟ වෙලා ඔවුන් ඒ රටේ නීති විරෝධීව ඉන්න පිරිසට රැකියා දීමෙන් වැලකුනා.

 

ඒ වගේම අද ඊශ්‍රායලයට යන අයත් මෙරට හෝ ඊශ්‍රායලයේ නීති උල්ලංඝණය කළොත් ඒ අයව නැවත ගෙන්වා ගන්න අපි කටයුතු කරනවා. ඒ  සඳහා එරට ආරක්ෂක අංශ සමඟ විශේෂ වැඩසටහනක් මේවන විටත් ක්‍රියාත්මක කරලා තියෙනවා.

කිසිම ආකාරයකින් වෙනත් පාර්ශවයකට සල්ලි දීලා රැකියා ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කවුරුහරි එහෙම සල්ලි දීලා තියෙනවා නම් අපේ නිලධාරීන්ට වෙනම ඒක දැනුවත් කරන්න. අපි ඒ මුදල් ගත්ත අයට විරුද්ධ නිසි ක්‍රියාමාර්ග ගන්නවා.

විදේශගත වන කිසිවෙකු මෙරටට පැමිණි පසුව රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන්න එපා. ඒ සියලුදෙනාම ව්‍යාවසායකියන් බවට පත්විය යුතුයි. ව්‍යවසායකයින් වෙලා නව රැකියා බිහිකරන පිරිසක් බවට පත්විය යුතුයි.

ඊශ්‍රායලයේ ඉන්නා මාෆියා කණ්ඩායම කියන්න පටන් ගත්තා ලංකාවෙන් එවලා තියෙන්නේ දේශපාලඥයින්ගේ පිරිසක් ඒ අයට වැඩ බැහැ ඒ නිසා ලංකාවේ අයව යලිත් ගෙන්වා ගන්න එපා කියලා. කෘෂි ක්ෂේත්‍රයට පිරිස යැවීම ප්‍රමාද වුනේ මේ පිරිසගේ ක්‍රියා කළාපයන් හේතුවෙනුයි. ඒත් එම තත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් වුනා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාව මරා දමන්නේ ඔහුගේ සිඟිති පුතු පළමු වසරට  පාසලට භාරදෙන්න යන්න සූදානම් වෙද්දි!

Next Post

ඊයේ ඉන්දිය දුම්ර්ය දෙපාර්තමේන්තුවට තරු පෙනිලා… රියදුරෙක් නැතිව පැයට කිලෝ මීටර 100ක වේගයෙන් බඩු කෝච්චියක් කිලෝමීටර 70ක් දුර ගිහින්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.