දකුණු වෙරළට ඔබ්බෙන් වූ ස්ථාන දෙකක දී අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 270 කට වඩා අඩංගු බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට එම යාත්‍රා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක අත් අඩංගුවට ගෙන තිබේ.
ගොඩබිමට යාත්‍රා රැගෙන පැමිණි පසු ඉදිරි විමර්ශන දියත් කිරීමට නියමිතය.







