බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලෑ නීතියට අනුව “පියුමා “ හෝ “ වෙලේ සුදා” බන්ධනාගාර තුළ ඝාතනය වන්නට හැර නැති ප්‍රශ්න පටලවා ගත යුතු ද?

by editor
දෙසැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් සමරසිංහ –

ඕනෑම කුපාඩියෙක් විය හැකිය. අපරාධකරුවෙක් මංකොල්ලකාර මිනී මරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් විය හැකිය. ඌ බන්ධනාගාරයක සිටී නම් ඒ සිටින්නේ සිවිල් සමාජයෙන් වෙන් කර රජයේ වගකීම යටතේය. එවැනි ඕනෑම එකෙකු ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුය. හරක් කටා ට, දෙමටගොඩ චමින්දට ජනාධිපතිටත් නැති ආරක්ෂාව සලසා ඇත්තේ ඒ අර්ථයෙනි. බන්ධනාගාරයක් තුළ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු පහර දී මරා දැමීමට යම් උත්සාහයක් ගෙන ඇති නම්, ඒ පිළිබඳව සැලසුමක් දියත් වී තිබේ නම් එහි බරපතල ප්‍රතිඵල ලෝකය ඉදිරියේ අත් විඳිනු ඇත්තේ ඉලක්කගත රැඳවියාට වඩා රජය ය.

දින කීපයකට පෙර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ දී සිද්ධ වන්නේ එවැන්නකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බදුංගොඩ, බුස්ස ප්‍රදේශයේ පිහිටි බුස්ස බන්ධනාගාරය මෙරට පිහිටි ප්‍රධාන අධි ආරක්ෂිත බන්ධනාගාරවලින් එකක් ලෙස හැඳින්වේ. එලෙසම එය දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බන්ධනාගාරයකි. අසුව දශකයේ සිටම මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරයේ    විවිධ වර්ගයේ අපරාධකරැවෝ  රඳවා සිටියහ.

ආරක්ෂක අංශ විසින්  දැඩි ආරක්ෂාවක් ලබාදී තිබුණත්  විටින් විට මෙම බන්ධනාගාරය තුළද විවිධ ගැටුම්  ඇතිවේ.    එහි ප්‍රතිඵල ලෙස දෙපාර්ශව අතර ගැටුම් ඇති වුන,  රැඳවියන් අබිරහස් ලෙස මියගිය, දිවිනසාගත්, පහර කෑම්වලට ලක්වු,     අවස්ථා මෙන්ම  රැඳවියන් එහි සේවය කරන ආරක්ෂක  නිලධාරින්ට පහරදුන් අවස්ථා පිළිබඳ ඉතිහාසයක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට තිබේ.

පසුගිය සතියේදී බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ වාර්තා වන්නේ එවැනි   ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයකි.    ඉන් ප්‍රධාන සිද්ධිය ඩුබායි හි දී අත් අඩංගුවට ගත්   සංවිධානාත්මක අපරාධකරැවකුවන    පියුම් හස්තික නොහොත් ” පියුමා” නැමැත්තා බුස්ස බන්ධනාගාර අධිකාරිවරයාට පහරදීමේ සිද්ධිය ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පළමු සිද්ධිය

දිනය පසුගිය 07 වැනිදාය. වේලාව පස්වරැ දෙක පසුවී තිබුණි. වෙනදා මෙන් නොව ඒ වන විටත් බූස්ස බන්ධනාගාරය තුළ යම් නොසන්සුන් තාවයක් ඇතීවි තිබුණි. එයට ප්‍රධාන හේතුව  වුයේ  රැඳවියන්ගේ දහවල් ආහාරය ඒ වන විටත් නොලැබී තිබීමය.

එදින රැඳවියන්ගේ දහවල් ආහාරවේල  ලැබි තිබුනේ පස්වරැ තුනට පමණය. මෙයින් නොසන්සුන්වු සමහර රැඳවියෝ  බන්ධනාගාර නිලධාරීන් සමඟ බහින්බස් වුහ.    තවත් සමහරැ එයට විරෝධය පල කළහ.

තවද එදින රැඳවියන් කිහිප දෙනෙකුගේ සිර මැදිරි  මාරැ කර තිබුණි. එපමණක් නොව යම්  සිද්ධියක් සම්බන්දයෙන් බන්ධනාගාර නියාමකවරයෙක්ද අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධි මුල්කරගෙන රැඳවියන් පිරිසක් කලහාකාරි ලෙස හැසිරෙමින් තම විරෝධතාවය පල කළේය. අවසානයේ එය  ගැටුමක් දක්වා දුර දිග ගියේය. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරිවරයාද  අදාළ ස්ථානයට පැමිණියේය.

එහිදී රැඳවියන් දෙදෙනෙකු විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ මුහුණට පහර දී තිබිණි. එම ප්‍රහාරයෙන් සහකාර බන්ධනාගාර   නාසයෙන් රුධිරය වහනය වන්නට විය.   ඔහුව වෛද්‍ය  ප්‍රතිකාර සඳහා වහාම  කරාපිටිය රෝහල වෙත යොමු කර තිබුණි. මෙම සිදුවීමත් සමඟ බන්ධනාගාරය තුළ පැවති උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වූයේය.

ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ගාල්ල බන්ධනාගාරයෙන් ද නිලධාරීන් පිරිසක් කැඳවීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව එදින සවස් වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර තත්ත්වය පාලනය කිරීමට පාලන අධිකාරිය සමත් වූයේය.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට පහරදීම සම්බන්ධයෙන් චොදනා එල්ලවී තිබුණේ සංවිධානාත්මක අපරාධකරැවකු වන පියුම් හස්තික නොහොත් “පියුමා” සහ  තවත් රැඳවියකුටය.

පියුමාට රිටන් එක…

මේ අතර රොහල් ගතවු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා රැඳවියන් දෙදෙනෙකු විසින් තමන්ට පහර දීමක් සිදු කළ බවට ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ  පැමිණිල්ලක් ගොනු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පරික්ෂණ සිදුකරන අතර තුර  පසුදින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ තවත් පහරදීමක් සම්බන්දයෙන්  තොරතුරැ වාර්තා විය.

එදින පහරකෑමට ළක්ව තිබුණේ බුස්ස  බන්ධනාගාර සහකාර අධිකාරිවරයාට පහරදුන්නා යැයි චෝදනා එල්ලවු පියුම් හස්තික නොහොත් “පියුමා” ට ය.  එම පහරදීම සම්බන්දයෙන් ”  පියුමා” ගේ බිරිය වන  කළුපගේ දෙව්මිණි විහාරා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නීතිපතිවරයා සහ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය 10  වැනිදා පැමිණිල්ලක් ගොනු කළේය.

එම පැමිණිල්ලට අනුව ඇය පවසා තිබුණේ  ”  පසුගිය අට වැනිදා අලුයම් කාලයේදී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය  තුළට ආරක්ෂක හිස්වැසුම්  සහ කළු මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දස දෙනෙකු   පැමිණි බවත් එම පිරිස තම සැමියා රඳවා සිටි  මැදිරියේ ඉබි යතුරු බිද ඇතුළු වී සැමියාව අල්ලාගෙන මාංචු දමා අතින් පයින් හා පොලුවලින් ඉතාමත් අමානුෂික ලෙස පහරදී ඇති බවත්ය.  එලෙස පහරදීමෙන් පසු  ඔහුව ඇදගෙන ගොස් බස් රථයකට දමා පහර දුන් පිරිස කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පිටව ගොස් ඇති බව”  ඇය සිය පැමිණිල්ලේ සඳහන් කළාය.

මේ සිද්ධි දාමයෙන් පසු පියුම් හස්තික නොහොත් “පියුමා” ලෙස හැඳින්වෙන තම සැමියා  අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත  මාරුකර යැවීමට බන්ධනාගාර පරිපාලනය පියවර ගත් බවත් තමන් පසුගිය 09 වැනිදා අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගොස් ඔහුව මුණ ගැසුණු අවස්ථාවේ දී ඔහුට අමානුෂික ලෙස පහර දුන් ආකාරය තමන්ට පැසූ බවත්  පියුමාගේ බිරිය වූ දෙව්මිණි විහාරා සිය පැමිණිල්ලේ සටහන් කළාය.

එම පැමිණිල්ල මඟින් ඇය වැඩිදුරටත් දක්වා තිබුණේ ” පහරකෑමෙන් තම සැමියාගේ මුහුණේ සහ ශරීරය පුරා තැලීම් තුවාල තිබූ බවය.  ඔහුව රෝහල් ගතකිරීමට හෝ  ප්‍රතිකාර කිරීමට  බන්ධනාගාර නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොතිබු  බවත් ” ඇය සිය පැමිණිල්ලෙන් කීවාය.    ” තම සැමියා වරදකරුවකු වුවත් බන්ධනාගාරයක් තුළ මෙවැනි ආකාරයේ  අනීතික ක්‍රියාවක් සිදුවිය නොහැකි බවත් එය නීති විරෝධී මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවක් බවත් ඇය තර්ක කළාය. මෙම සිදුවීම සම්බන්ධයෙන්  නොපමාව පරීක්ෂණ පවත්වා  තම සැමියාට නිසි ආරක්ෂාවක් සලසන ලෙසත් පහරදීම අධිකරණයට වාර්තා කර ඊට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටත්” පියුමාගේ බිරිය පැමිණිල්ල හරහා ඉල්ලා තිබුණාය.

පියුමා කවුද?

පියුම් හස්තික නොහොත් “පියුමා” මේ සමාජය ව්‍යසනයට ලක් කළ ජඩයෙකි.  සංවිධානාත්මක අපරාධකරැවෙකි.  මත්ද්‍රව්‍ය ජාවාරම, පුද්ගල ඝාතන ඇතුලු අපරාධ රැසකටම මේ තැනැත්තා සම්බන්ධය.

අපරාධ ජීවිතය අනාවරණය වීමත් සමග  ආරක්ෂක අංශවලින් බේරිම සඳහා ” පියුමා” ඩුබායි රාජ්‍ය වෙත   පැන්නේය. එලෙස ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින විට ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේ 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. ඉන්පසු මාස කිහිපයක් රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සිටි ඔහු එම පරික්ෂණ අවසන්වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී   රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පසුගිය දා සිද්ධිය ඇතිවනවිට “පියුමා”  සිටියේ බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළය. තවමත් අධිකරණයෙන් වරදකරුවෙක් වී නැති පියුමා පිළිබඳ විමර්ශන දියත් වෙමින් ඇත්තේය. එතෙක්  ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ   සැකකරැවෙකු ලෙසය. පියුමාගේ පාර්ශවයෙන් ගෙන එන්නේ මෙන්න මේ තර්කය ය.  එනම් සැක කරුවෙකුට බන්ධනාගාරය අනාරක්ෂිත තැනක් බවට පත් වී තිබීමය.   කිසියම් පිරිසක් බන්ධනාගාරය තුළ ඔහු රඳවා සිටි සිර කුටියටම පැමිණ අමානුෂික ලෙස ඔහුට පහරදී තිබීමය. පියුමා සහකාර බන්ධනාගාර අධිකාරීවරයාට පහර දී තිබුණා නම් ඒ සම්බන්ධව නිසි විමර්ශනයක් කර නීත්‍යානුකුලව කටයුතු කිරීම පසෙක තබා බන්ධනාගාරය තුළ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන පියුමාගේ පාර්ශවය දැන් නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන්නේය.

මරණීය දණ්ඩනයට පෙර වෙලේ සුදා මරන්න හදනව ද?…

දැනට මරණිය දන්ඩනය නියමවී තිබෙන ගම්පොල ආරංචිගේ සමන්ත කුමාර නොහොත්  ” වෙලේ සුදා ”  ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳවද තොරතුරැ අනාවරණයවී තිබේ. ආරක්ෂක අංශද ඒ පිළිබඳ පරික්ෂණ සිදු කරයි. එම සිද්ධිය සැකවින් මෙසේය.

මරණීය දණ්ඩනය නියම වී ඇති “වෙලේ සුදා” ඝාතනය කිරීමට උත්සාහයන් තිබුණු බව කියැවිනි.     සයනයිඩ් මිශ්‍ර ආහාර ශරීරගත කර හෝ  අධිකරණයට රැගෙන යන අවස්ථාවේදී   ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීමේ උත්සහායන්ද  ඒ අතර වූ බව වාර්තා විය.  ඒම හේතුව නිසා “වෙලේ සුදා”   බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිතව විශේෂ කුටියක රැඳවීමටත් , නඩු කටයුතු සඳහා  වීඩියෝ තාක්ෂණයෙන් ඉදිරිපත් කිරීමටත්   පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් ඔහුව ආරක්ෂක හේතුන් යැයි පවසමින් වෙනත්   බන්ධනාගාරයකට   මාරුකිරීමට සැලසුම් කෙරෙන බවත් ඒ සිදුවන්නේ   බූස්ස බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන බන්ධනාගාර නිලධාරියෙකුගේ   සහය ඇතිව විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකු සහ මෙරට බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ   සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ  අවශ්‍යතාවය මත බවටත් සැක පහළ වී තිබේ. එසේ නොමැතිනම් එම බන්ධනාගාරය තුළම වෙනත් සිර මැදිරයකට ඔහුව මාරු කර යවා හෝ සිය සැලසුම සාර්ථක කරගැනීමට මෙම පිරිස් උත්සාහ කළ හැකි බව ද පැවසේ.  ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙලේ සුදා නැමැති අපරාධකරු බන්ධනාගාරය තුළ සාපේක්ෂව අනාරක්ෂිත කර ඔහුව ගොදුරු කර ගැනීම බවට තොරතුරු ලැබී ඇතැයි කියැවේ.

වෙලේ සුදා මරණීය දණ්ඩනය හිමි වී සිටින්නෙකි. ජනාධිපතිවරයා නියම කරන දිනයක ඔහුව එල්ලා මැරීමට නියමිතය. ඒ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ රටේ නීතිය අනුවය. එය මේ රටේ තවත් පාදඩ අපරාධකරුවෙකුගේ  හෝ කීප දෙනෙකුගේ අභිමතය පරිදි සිදුවිය යුත්තක් නොවේ. ඕනෑම පජාත වැඩක් වෙනුවෙන් විකිණෙන  දූෂිත නිලධාරීන්ට ලැබෙන ප්‍රතිලාභ මත තීරණය විය යුත්තක් නොවේ. මරණීය දණ්ඩනය නියම වී සිටින අපරාධකරුවෙකුගේ මරණය රජයකට ප්‍රශ්නයක් ඇති නොකළ යුතුව ඇත.  මක් නිසාද යත් මේ වනවිට අපේ රටේ ආණ්ඩුවට ඇති ප්‍රශ්න හොඳටෝම ප්‍රමාණවත් බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වික්ටෝරියා ජලාශය අසල හෝටලයක පැවති ෆේස් බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 26ක් අත් අඩංගුවට… තරුණියන් 04ක් ඒ අතර….

Next Post

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.