කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මිය යෑමත් සමග Co-amoxiclav නැමැති ප්‍රතිජීවක ඖෂධයේ අදාල කාණ්ඩය තාවලිකව භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
මේ වන විට හොරණ ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිශ්පාදන කර්මාන්තශාලාවක එම කාණ්ඩයේ එන්තත් මාත්‍රා 21000ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් එන්නත් 18000ක් භාවිත කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග සනාථ කරයි.
මරණයට පත් වි ඇත්තේ කැපුම් තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කළ වරකාපොල සිට පැමිණි අවුරුදු 50ක් වයසැති අයෙකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ මෙම ඖෂධය වර්ෂ 2019 සිට ලියපදිංචි ඖෂධයක් බවය. ලියාපදිංචිය වර්ෂ 2023 තෙක් ඒ ලියාපදිංචිය වලංගු බවය.
එහෙත් ඖෂධය භාවිතා කිරීමේ දී මරණ තුනක් සහ නිකවැරටිය මූලික රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කරවනැල්ල සහ වතුපිටිවල රෝහල්වලින්, ගම්පහ දිස්ත්‍රික් රෝහලෙන් උග්‍ර අසාත්මිකතා තත්ත්වත් වාර්තා වුන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියයි.
අනතුරුව අවදානම් ඇගයීම් අනු කමිටුව විසින් අහිතකර ප්‍රතික්‍රියා ඇති වූ ඖෂධ ඛාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබේ. තවදුරටත් එම අනු ඛාණ්ඩවල සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාරයක් වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද නිර්දේශ කර ඇත.
මේ වනවිට තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය විසින් ඉදිරිපත් කරනු ලැබූ තත්ත්ව වාර්තා පදනම් කරගෙන මින් එක් ඛාණ්ඩයක් භාවිතයෙන් ඉවත් කර තිබේ.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහල තුළ ඊයේ සිදුවූ මරණය මෙසේ ඉවත් කළ ප්‍රතිජීව කාණ්ඩයකින් සිදු නොවුන බව රෝහල් ආරංචි මාර්ග කියයි.