සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාරක සභා අවස්ථාවේ දී විපක්ෂයෙන් ඉදිරිපත් වූ   සංශෝධන17 න් 16ක්  ප්‍රතික්ෂේප වේ… විපක්ෂය ඡන්දයක් නොඉල්ලයි… විදුලි බල පනත 3 වර කියැවීම සංශෝධන සහිතව සම්මතයි!

by editor
ජූනි 6, 2024
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන 13  සහිතව නමුත් කාරක සභා අවස්ථාවේ දී විපක්ෂය ඉදිරිපත් කළ   සංශෝධන  17න් 16ක්  ඇතුළත් ප්‍රතික්ෂේප කර  විදුලි බල පනත කාරක සභා අවස්ථාවේ දී සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.  ආණ්ඩුව එකඟ වුන එකම සංශෝධනයටත් එකඟ වන්නේ එම සංශෝධනය මුලින්ම ආණ්ඩු විසින් රැගෙන විත් තිබුණ බැවිනි.

වැදගත්ම කාරණාව වන්නේ විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනවලින් පොදුවේ සියල්ලම ප්‍රතික්ෂේප වී තිබිය දීත් තෙවැනි වර කියැවීමට විපක්ෂය ඡන්දයක් ඉල්ලා නොතිබීමය.

කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.

කාරක සභා අවස්ථාවේ දී  විපක්ෂය මතු කළ වැදගත්ම කාරණා කීපයක් විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ආර්ථික විශේෂඥයෙක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ කාරණාවක් විය. ඉන් කියවුනේ පනතින් අඛණ්ඩ විදුලි සැපයුම යන්න හැලී ඇති බවය. විදුලි සැපයුම පවත්වා ගැනීමේ වගකීම නිශ්චිත ලෙස පැවරීම සඳහා අඛණ්ඩ විදුලි බල සැපයුම පිළිබඳ අවධාරණය පැවති විදුලි පනත්වල  ලේඛනය වූ  ආකාරයත් හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔහු ඉල්ලා සිටියේ මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වගකීම්   ආයතනවලට කඩා පැවරීමට තීරණය වී ඇති බැවින් පනතට අඛණ්ඩ යන පදය  එක් කර අඛණ්ඩ විදුලි බල සැපයුම සම්බන්ධව වගකීම තහවුරු කරන ලෙසය. එම වචනය පනතට ඇතුළු කිරීමට ද ඇමති කාංචන විජේසේකර විරුද්ධ විය. ඔ

එහිදී යළි යළිත් හර්ෂ ද සිල්වා පැවසුවේ මේ සිදුව ඇත්තේ මුද්‍රණ දෝෂයක් යැයි තමන් විශ්වාස කරන බවය. විදුලි බල මණ්ඩලය වෙන වෙන ආයතන ලෙස කඩා එහි කාර්යය සංකීර්ණ කර ඇති අවස්ථාවක  අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධ වගකීම එම වගන්තිය ඇතුළත් කර එම ආයතන වෙත පවරන ලෙස ඉල්ලා සිටින්නේ දේශපාලන අර්ථයකින් නොවන බව ඔහු පැවසුවේය.

මේ තරම් පැහැදිලිව එය පෙන්වා දෙද්දීත් එම වචනය ඇතුළත් කිරීම ඇමතිවරයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

මෙපමණ කාලයක් ජලාශවලින් ජලය මුදා හැරිමේ ප්‍රමුඛතාවය තිබුණේ පානීය ජල සැපයුම සහ කෘෂිකර්මාන්තය සඳහා ජලය සැපයුමටය. කෘෂි කර්මාන්තය යනු ගොවියා විසින් පුද්ගලිකව ආයෝජනය කර සිදුකරන රටේ ප්‍රධානම ආර්ථික ව්‍යාපාරය ය. ඒ සඳහා ජලය සැපයීමේ වගකීම රජයට පැවති අතර රටේ වාරි ශිෂ්ඨාචාරයේ පදනම වූයේ ද එම කෘෂි ජල සැපයුමය. මේ තත්ත්වය තුළ විදුලි ජනනය සඳහා ජලය නිකුත් කිරීම තුන්වන ප්‍රමුඛතාවය වූයේය.

එහෙත් ඒ ප්‍රමුඛතා විධිය බිඳ දමමින් විදුලි ජනනය කරන සමාගමට අදාල ජලාශවල කළමනාකරණය ද පැවරී තිබිණි. කෘෂි කර්මාන්තයේ ප්‍රමුඛතාවයෙන් මුදා ජලාශ සමාගම්වලට පැවරීම වැනි සංවේදී සංස්කෘතික කාරණා සම්බන්ධ ප්‍රමාණවත් සංවාදයක් නොකර ජලාශ විදුලි ජනන සමාගම් වෙත පැවරීම වැරදි බවත් එම ඓතිහාසික වරද නොකරන ලෙසත් බැගෑපත්ව ඉල්ලන බවත් නීතිඥ චන්දිම වීරක්කොඩි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ද කාරක සභා අවස්ථාවේ දී ප්‍රතික්ෂේප විය.

කාරක සභා අවස්ථාව පුරා ප්‍රකට වූයේ විදුලි බල හා බල ශක්ති ඇමති කාංචන විජේසේකරගේ උද්දච්ඡ නිග්‍රහශීලී හැසිරීමය.

අදාල සැලසුම් අවුරුද්දක් තුළ ක්‍රියාත්මක කළ නොහැකි වීමේ අවදානම සලකා බලා එවැනි අවස්ථාවක කැබිනට් අනුමැතිය සහිතව තවත් කාලයක් දීර්ඝ කරගැනීමට දයාසිරි ජයසේකර කළ යෝජනාවත් ඇමති ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව කථානායක වරයා ශ්‍රි ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව පැවසුවේය. විපක්ෂය ඡන්දයක් ඉල්ලුවේ නැත. පනත සම්මත වන්නේ ඡන්දයකින් තොරවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා විදුලි බල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් සම්මත වෙයි!

Next Post

ලංකාවට එන ස්ටාලින්ක් ඉන්ටර්නෙට්වල මිල ගණන් විදුලි සංදේශ නියාමන කොමිසම කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.