චීන පොහොර තොගය රට ඇතුළට ගැනීම සඳහා වර්ෂ 2013 සිට ක්‍රියාත්මකවන 1704 ප්‍රමිතිය වෙනස් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යෂවරයා විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කර ඇති ඉල්ලීම කරුණු සහිතව එම ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ රටේ ශාඛ හා සත්ත්ව ප්‍රජාවේත් සමස්ථ ජෛව පද්ධතියෙත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බලගන්වා ඇති මෙම ප්‍රමිතිය වෙනස් කිරීම සඳහා කෙරෙන මෙම ඉල්ලීමට පෙර එහි ජාතික වැදගත්කම පිලිබඳව යළි සලකා බලන ලෙසය.
කෙසේ වෙතත් මේ ප්‍රමිතිය වෙනස් කිරීම සඳහා මේ වනතුරුත් එක්තරා දේශපාලන බලවතෙක් කරන බලපෑම අත්හැරී නැති බව ද වාර්තා වේ.