ලෝකයම සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් සමඟින් කාබනික ආහාරවලට ඇති ඉල්ලුම ද ඉළ ගොස් ඇති නිසා යූනියන් බලප්‍රදේශයේ (යූටී) ගොවීන් අතර තිරසාර කෘෂිකර්මය ප්‍රචලිත කිරීමටත් ගොවීන්ට සහය දැක්වීමට ජම්මු කාශ්මීර රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරන අන්දමට ඉදිරි වසර පහේදී, කාබනික ආහාර නිෂ්පාදනය ඉහළ නංවන හා යූනියන් ප්‍රදේශයේ ගොවීන්ට ආර්ථික ප්‍රතිලාභ වැඩි කරන ව්‍යාපෘතියක් සඳහා රු. කෝටි 84ක අයවැයක් වෙන් කර ඇත. මෙම නව ව්‍යාපෘතිය හරහා කාබනික කෘෂි ක්ෂේත්‍රයේ රැකියා 12600ක් ද ව්‍යවාසයන් 300ක් පමණ ද බිහි කරන්නට හැකි යැයි නිල වාර්තා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් එක් දිස්ත්‍රික්කයකට කාබනික පොකුරු 6 සිට 7 දක්වා හෙක්ටයාර් 2000ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි නිර්මාණය කිරීමට රජය අපේක්ෂා කරයි. මීට අමතරව, තවත් හෙක්ටයාර 2000 ක් කාබනික නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට අරමුණු කරගෙන සිටියි.
මෙම වැඩසටහන මඟින් ගොවි පවුල් 10 000කට කාබනික ගොවිතැන පිළිබඳ පුහුණුවක් ලබා දෙන අතර වාණිජ හා අඩු වියදම් වර්මිකොම්පෝස්ට් ඒකක 3000ක් සහ ඒකාබද්ධ කාබනික ගොවිතැන් පද්ධති ඒකක 100ක් ස්ථාපිත කෙරේ. එලෙසම, නිෂ්පාදන පොකුර සඳහා කාබනික යෙදවුම් සැපයීම සඳහා ජෛව යෙදවුම් නිෂ්පාදන ඒකක ද පිහිටුවනු ලබන බව රජයේ වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.







