බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාථානායක පුටුවේ ඉඳගත් ආචාර්ය උපාධි ධාරී වෘත්තීය සමිති නායකයාගේ කතාව…

by editor
නොවැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

බීබීසී

දස වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල අද (නොවැම්බර් 21 වන දා) තේරී පත්විය. නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද ආරම්භ වූ අතර පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පළමුව කතානායකවරයා තෝරා පත් කර ගැනිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවලගේ නම කතානායක ධූරය සඳහා යෝජනා කරනු ලැබූ අතර, අමාත්‍ය විජිත හේරත් එය ස්ථීර කළේ ය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අනුව, ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රන්වල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ලෙස තෝරා පත් කර ගැනිණි.

දේශපාලන ගමන් මග

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු වන රන්වල, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් විය.

තරුණයෙකු ලෙස ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස ය.

ආචාර්ය රන්වල බියගම ආසනය කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවීය.

ඔහු වරක් බියගම ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අතර දෙවරක් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය

මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අචාර්ය අශෝක රන්වල රසායනික ඉංජිනේරුවරයෙකි.

ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ සේවය කර තිබේ.

ජපානයේ වසේදා (Waseda University) විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති ඔහු තිරසර ජෛවජනක කෘෂිකාර්මික භාවිතයන් සංවර්ධනය කිරීම අරමුණු කරගත් BioGenic Green Technology Research Instituteහි අධ්‍යක්ෂවරයෙකි.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වල, ජාතික ජන බලවේගය සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවෙකි.

වෘත්තීය සමිති අරගලයට නායකත්වය

ආචාර්ය අශෝක රන්වල සැලකෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රබල නායකයෙකු ලෙස ය.

යහපාලන ආණ්ඩු සමයේදී ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුදානම් වෙද්දී ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊට විරෝධය පළ කළේ ය.

ඛනිජ තෙල් සේවක වැඩ වර්ජනයක් මෙහෙයවමින් ඊට නායකත්වය දුන්නේ, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල අතුළු ක්‍රියාකාරීන් පිරිසකි.

රජයට අයත් චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සූදානම් වුවහොත් පිරිපහදුවේ ඉන්ධන සැපයීම අත්හිටුවන බවට ඔහු එහිදී අනතුරු අඟවා තිබිණි.

එමෙන් ම ඛනිජ තෙල් සේවකයන්ට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් රටේ සෑම ක්ෂේත්‍රයක් ම අඩපණ වනු ඇතැයි පෙන්වා දුන් අශෝක රන්වල එහිදී කියා සිටියේ, කිසි ලෙසකින්වත් අනාගත පරම්පරාවේ දේපළ සුරක්ෂිත කිරීමේ වෑයම අත්නොහරින බව ය.

අත්අඩංගුවට පත්වීම

අශෝක රන්වල 2018 වසරේ ජනවාරි 4 වන දා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ඔහු ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී ය.

තම බල ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳ විමසීම සඳහා සපුගස්කන්ද පොලිසියට ගිය අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අශෝක රන්වල අත්අඩංගුවට පත්විය.

සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එහිදී අශෝක රන්වල අත්අඩංගුවට පත්වූ අතර ඔහු පවසා තිබුණේ, සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බව ය.

අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහර දුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල්ගත විය. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර ඔහු රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු, මන්ත්‍රීවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 2000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පසුව නියෝග කර තිබිණි.

මේ අතර, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ධුරය දරන සමයේ ද අශෝක රන්වල, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර යන නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 16 දෙනෙක් 2017 වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට පත් වූහ.

ඒ, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදීත් ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමිනි.

වෘත්තීය සමිති මෙන් ම සිවිල් සංවිධාන රැසක් නියෝජනය කළ ආචාර්ය අශෝක රන්වල රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේ ය.

ඒ, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගෙන ගිය සටන දායක වෙමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මින් මතු දේශපාලන සටන් පාඨ හරහා ජාතිවාදය අවුලුවන්න හදන්න එපා… ඊට ඉඩක් නෑ… ජනපති රාජාසන කතාව කරමින් අවධාරණය කරයි.

Next Post

අයි.එම්.එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම අත්සන් කිරීම අනිද්දා!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.