ගාල්ල කරාපිටිය මහ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා විසින් තවත් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුට ඊයේ (01) දිනයේදී සිදු කරන ලද පහර දීමට තැත් කිරීම, බැන වැදීම සහ තර්ජනය කිරීම හේතුවෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු වෛද්‍යවරුන් විරෝධය පළ කරමින් ඊයේ සවස සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිස සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මෙම වෛද්‍යවරයා මීට පෙර ද අවස්ථා කිහිපයකදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වාර්තා වූ අතර ඊයේ දිනයේදී (01) ශල්‍යාගාරයක් තුළදී ඔහු පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.ඩී මහලියනට බැන වැදී තර්ජනය කළ බවට වාර්තා වී ඇති අතර ඊට පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාමරයේදී කරාපිටිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරදුගොඩ ට දැඩි සේ තර්ජනය කර ඇති බවත් එම කාමරය අසළදී ළමා වකුගඩු විශේෂඥ වෛද්‍යවරියක වන හර්ෂණී ධර්මවර්ධනට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමටද තැත් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධනේ එම වෛද්‍යවරුන් අදාළ බලධාරීන් වෙත පැමිණිලි කර ඇති ව සඳහන් වේ. ඒ අනුව මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ කරාපිටිය නියෝජිතයන්ද සාකච්ඡා කර ඇති අතර ඒ අනුව මේ සම්බන්දයෙන් පොලිසියටපැමිණිලි කිරීමට සහ ඊයේ සවස සිට සාමාන්‍ය රාජතාරීවලන් ඈත් වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙම වෛද්‍යවරයා අවස්ථා කිහිපයකදීම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග ගැටුම් ඇති කර ගත් පුද්ගලයකු වන අතර සුළු සේවිකාවකට පහර දීම හේතුවෙන් වරක් අත්අඩංලුවටද පත් විය.
ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර ඔහු වෙනත් රෝහලකට කඩිනමින් මාරු කිරීමට නියමිත බව අමත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කළේය







