සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරතරගම පෙරහරේ අලි කුලප්පුවක්… 3ක් රෝහලේ… පටන් ගත් දිනයේම පෙරහර අවුල් වෙයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (06) ආරම්භ වුන රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ සිදුවු අලි කුලප්පුවක් හේතුවේන් පෙරහර නැවතී ඇති අතර පිරිස් කලබලවී තෙරපීම හේතුවෙන් තුන් දෙනෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

පෙරහර ආරම්භයේ සිටම සංවිධාන කටයුතුවල පැවතී ඇත්තේ ව්‍යාකූල ස්වරූපයකි. බස්නායක නිලමේ වරයා කිරිවෙහෙර වන්දනා කිරීමටවත් නොපැමිණි අතර දෙවියන් වැඩම්මවීම සඳහා පිරිත් දේශනා කරන අවස්ථාවේ ඒ පළාතටවත් නොපැමිණි බවත්, කතරගම දේවාලයේ තේවාව භාර ප්‍රධාන කපුවා දේවාලයෙන් එළියට නොබැස්ස බවත් මෙම සංස්කෘතික මංගල්ලය ආරම්භක දිනයේම පහත් විරසකයක් ප්‍රකාශ වී තිබුණු බවත් පෙරහර සංවිධායක මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අලි කුලප්පුව ඇසින් දුටුවෙක් සිද්ධිය ලංකාසරට පැවසුවේ මෙසේය.

අපි පෙරහර බලාගෙන හිටියේ. ඒ වෙලාව රෑ 8.30ට විතර ඇති. පෙරහරේ ගමන් කරපු එක අලියෙක් හැරුණා. ඒ අලියා හැරිලා ආපහු යන්න ගත්ත ගමන් අනික් අලි ටිකත් කලබල වුනා. එයාල හැරිලා දේවාලේ පොල් ගහන තැන තියන බක්කිත් පෙරළගෙන ගාල පැත්තට දිව්වා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපිට වෙන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැරි වුනා. මිනිස්සු කෑ ගහනවා. පෙරළගෙන දුවනවා. පොඩි අයත් වඩාගෙන සමහරු. ඒ සද්දෙට අලි තවත් බය වෙලා. පෙරහර සීසීකඩ ගියා. අපි යන්තම් දුවලා ඈතට වෙලා වෙන දේ බලාගෙන උන්නා.

ටිකකින් ඇම්බියුලන්ස් ඇවිත් කීප දෙනෙක් දාගෙන ගියා හොස්පිටල් එකට… එතනින් පස්සේ පෙරහරේ කෑල්ලක් ගියා… අපි හිටියෙ බය වෙලා ” ඔහු කීවේය.

වාර්තාවන පරිදි මේ පෙරහරේ මුලින්ම කුලප්පු වන්නේ නාමල් රාජපක්ෂට අයත්බව කියන අලි දෙදෙනාගෙන් කෙනෙකි. කුලප්පු වූ අලියා පෙරහරට රැගෙන ආ මුල් අවස්ථාවේ සිට පහසුවෙන් නොසිටි බවත් පෙරහරට සහභාගී කරවීමට පෙර ඔවුන් නිසි පරීක්ෂාවට ලක් වූයේ දැයි සැක සහිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම අලි කුලප්පු වූ අවස්ථාවේ දි වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම සම්බන්ධීකරණය කරගැනීමට නොහැකි වීම නිසා මේ තත්ත්වය උග්‍ර වූයේ යැයි ද චෝදනා එල්ල වෙමින් තිබේ.

දෙවියන් හා බැඳුනු සංස්කෘතික පුජා විධියක්වන මෙම පෙරහර මංගල්ලය සඳහා බස්නායක නිලමේවරයා ඇතුලු ප්‍රධානීන්ගේ නිසි වගවීම නොමැති කමත්, දේවාලය තුළ දෙවියන්ට ලැබෙන පඬුරු වෙනුවෙන් කුලල් කා ගැනීම පමණක් සිදුකරන දේවාලයේ කපුවන්ගේ ස්වරූපය සමග දෙපාර්ශවයක් අතර ඇති වී තිබෙන විරසකයත් පෙරහරෙන් ප්‍රකාශ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චාවකච්චේරිය රෝහල වැසෙයි… රෝගීන් වෙනත් රෝහල්වලට…  නීතිය අයාලේ යනවිට සිදුවන දේ මෙයයි!

Next Post

පොඩි උන් දෙන්නෙක් එක්ක තරුණ මවක් ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා ධීවර බෝට්ටුවකින් ධනුස්කොඩියට පලා ගිහින්… ඇය පොලිස් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.