ලලිත් චාමින්ද –
පොල් පර්යේෂණ මණ්ඩලයට අයත් අඹකැලේ ජාන සම්පත් මධ්‍යස්ථානයේ කිරි ලබාගත හැකි එළදෙනුන් 21 දෙනෙකු සිටියද වසර 04ක පමණ කාලයක සිට එම කිරි දෙනුන්ගෙන් කිරි ලබාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2018 වර්ෂයේ සිට කිරි එළදෙනුන් ගෙන් කිරි ලබා ගැනිම සඳහා කම්කරුවකු නොමැතිවිම නිසා මෙම තත්වය උදාවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2018 වර්ෂයේ මාර්තු මස 16 දිනෙන් පසුව කිරි අලෙවි ආදායමක් වාර්තා වි නොතිබිම මතභේදාත්මක කරුණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
කිරි ආදායම ගිණුම්ගත නොවිම සම්බන්ධව පරික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙකි මධ්‍යස්ථානය අක්කර 318.5ක විශාලත්වයකින් යුක්තවේ. සියලු කාර්යාල කටයුතු චෙක්රෝල් පදනමින් සිටින කම්කරු සේවිකාවක් විසින් සිදුකිරීම හේතුවෙන් පරිපාලන කටයුතු නිසි පරිදි සිදුනොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.







