සුනේත්‍රා ඇතුගල්පුර ස්විස්ටර්ලන්තයේ සිට –
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ වයිස් හි ලොට්ස්වෙන්ටල් නිම්නයේ ඊයේ (28)දැවැන්ත ග්ලැසියර කඩා වැටහීමකින් බිලැටන් ගම්මානය සම්පුර්ණයෙන්ම විනාශ වූයේය. ඒ ව්‍යසනය සිදුවන ආකාරය සජීවීව රූ ගත වී තිබිණි.
ග්ලැසියර කඩා වැටීමෙන් ගම්මානයේ සීයයට 90 ක්පමණ වැළලී ගොස් ඇති බව ලොට්ස්වෙන්ටල් ප්‍රාදේශීය අණ දෙන නිලධාරී කාර්ය මණඩල ප්රාකාශකයෝ පැවසූහ.
නාය යෑම් ප්‍රදේශයේ සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු අතුරු දහන් වී ඇති බව වාර්තාවේ.
බ්ලැටන් ගම්මානයේ සහ රීඩ් ගම්මානයේ බොහෝ ප්‍රදේශවල අයිස් සහ සුන්බුන් ඝන මීටර් මිලියන ගණනක් වළලනු ලැබීය. සියලුම පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන්ගේ පියවර ගෙන තිබිණි. අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ
බ්ලැටන්වලට ඉහළින් ඇති බර්ච් ග්ලැසියරයෙන් අයිස් කුට්ටි කැඩී ගොස් මෙම ව්‍යසනය සිදුවී තිබිණි. අයිස්, පාෂාණ සහ හිම අවශේෂ වලින් සමන්විත හිම කුණාටු මේ අවස්ථාවේ ගමට ළඟා නොවූ නමුත් හිම කුණාටු බාධකයකින් ඒවා වළක්වා ගන්නා ලදී.

කෙසේවුවත් බ්ලැටන් හි තත්වය තීරණාත්මක බව කල්තියා බලධාරීන් දැන සිටීම හේතුවෙන් පදිංචිකරුවන් 300 ක් පමණ දෙනාට සඳුදා උදෑසනම ගම්මානයෙන් පිටව යාමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබිණි. එබැවින් ඒ මිනිස්සු ඒ පස් කඳු අතර නොවැළලී ජීවිත ආරක්ෂා කරගත්හ.
කළමනාකරණ කණ්ඩායම් දැටමත් බලපෑමට ලක් වූ ජනතාවගේ නිවාස අහිමි වීම නිසා ඇති වී ගැටලුවලට විසඳුම් ලබාදීම ආරම්භ කර ඇත. මේ වනවිට ඔවුන් සඳහා “ක්ෂණික නව නවාතැන්” සොයා ගැනීමට නගර සභාවව සමග එක්ව කටයුතු කරයි. .







