සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩුවේ පරණ ඉන්න අය ආමි එකේ මහත්තුරුන්ටත් වලංගු නෑ… අලුතෙන් ආපු අපි පැනලා ගියේ ඒ අයගෙන් ගුටිකාලා මැරෙන්න බැරි නිසා! – පැන ගිය රැඳවියෝ කියති!

by editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

“අපි කන්න බොන්න පෝලිමේ ඉද්දි පරණ අය අපිට ටොකු අනිනවා, බෙඩ් සීට් වලින් ගහනවා. වද දෙනවා.   පරණ අය අපේ මූණු තුවාල වෙනකම් අල්ලන් රැවුල කපනවා. කෑම පෝලිමේ හිටියත් අපිට කෑම දෙන්නෙ අන්තිමට.  සීයක් විතර එකතුවෙලා එක්කෙනෙකුට ගහනවා.”

“අපේ ජීවිතවලට ආරක්ෂාවක් නෑ.  කෑම ප්‍රශ්නයක් මුල් වෙලා, උදලුවලින් සවල් වලින් ගහ ගත්තා. ආමි එකේ සර්ලටත් ගැහුවා. සර් කෙනෙකුත් තුවාල වෙලා ඉස්පිරිතාලෙ. කන්දකාඩුවේ කරන පුනරුත්ථාපනයක් නෑ. අපිව වෙන පුනරුත්ථාපන තැනකට දාන්න. කන්දකාඩුවේ ආමි එකේ අයට පරණ අය පාලනය කරගන්න බෑ. ආමි එකේ අය කිව්වා අපිට ගහද්දි අපේ පණ බේරගන්න කියලා. පස්සේ තමා අපි කන්දකාඩුවෙන් පැන්නේ.”

පසුගිය දොළොස් වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ ගැටුම අතරතුර පැනගොස් පොලිස් අත්අඩංගුවට පත් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙකු එලෙස තම රැඳවියන් විඳින දුක් ගැහැට මාධ්‍යයට කීවේය.

අත් අඩංගුවට ගත් රැඳවියන් දෙදෙනෙක්…

පසුගිය 12 වෙනිදා ආහාර ගැටලුවක් මුල් කරගනිමින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී රැඳවියන් අනූ දෙදෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගියහ.

එලෙස පැනගිය එකලොස් දෙනෙකු හැර සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් පිරිසකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර තවත් පිරිසක් වවුනියාව සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකොට ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රැඳවියන් දෙපිරිස අතර ඇති වු ගැටුම අතරතුර පැන යැමෙන් පසු පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ රැඳවියන් පිරිසක් මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වූහ.

“ මම මෙතෙන්ට යොමු කළේ අත්තනගලු උසාවියෙන්. මම ඇවිල්ල දැන් සතියක් වෙනවා.  පරණ අය අපිට දස වද දෙනවා. ආමි එකේ මහත්තුරු, සර්ලා අපිට බනින්නේ ගහන්නේ නෑ. ඒ අය හොඳයි. පුනරුත්ථාපනය වෙන්නෙ ආපු පරණ අය ආමි එකේ අයටත් පාලනය කරගන්න බැරි තත්වෙට පත්වෙලා. කන්දකාඩුවේ අපට නිදහසක් නෑ. අපි කියන්නේ ආයෙත් සැරයක් අපිව අධිකරණයට භාර දීලා වෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට දාන්න කියලා”. රැඳවියෝ හැඬූ කඳුළුන් සඳහන් කළහ.

“මම කරපු වරදකුත් නෑ,. මාව මාස හයකට මෙහෙට ගෙනත් දාලා තියෙන්නේ කසිප්පු නඩුවක වරෙන්තුවකට. මම බැඳලා.  මට අවුරුදු පහක වයස දරුවෙකුත් ඉන්නවා. මගේ තාත්තට අංශ භාගය. තාත්තට හැම දෙයක්ම කෙරුවෙ මම. මාව බලන්න කවුරුත් එන්නේ  යන්නෙත් නෑ. අපිව පුනරුත්ථාපනය කරලා වැඩක් නෑ. බඩු විකුණන අය එළියෙ ඉන්නවා. අපිව ඇතුළට දානවා.”

“මම ප්‍රාදේශීය සභාවේ වැඩකළේ.. දැන් මට ජොබ් එකකුත් නෑ. දැන් අපේ ජීවිත කණපිට හැරිලා තියෙන්නෙ. දවස් ගානක් අපි කාලත් නෑ. බීලත් නෑ. පොලිසියේ මහත්තුරු තමයි අපිට කන්න බොන්න දුන්නේ, අපි කියන්නේ තරුණ ජීවිතවලින් මේ රටට වැඩක් ගන්න කියලා. “ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්, රැඳවියෙක් අපට එසේ කීවේය.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පෙර වසරවලදී ආහාර ඇතුළු, ප්‍රමාණවත් පහසුකම්  නොමැති වීම හා විවිධ ගැටලු මුල් ගනිමින් රඳවියන් අතර මෙන්ම ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති කරගනිමින් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී පොලිසිය යුද හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත    පුනරුත්ථාපන කටයුතු සඳහා යෙදවීමට නියෝග කෙරිණි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රවවලට ගොදුරු වූවන් අධිකරණයවලට ඉදිරිපත් කරන අතර අධිකරණ  නියෝග අනුව ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසු වසරක කාලයක් උපදේශන සේවා සඳහාත් අනතුරුව වෘත්තීය පුහුණු ලබාදීමට වැලිකන්ද සේනපුර තෘතීයක සහ සාක්ෂරතා පුහුණු  මධ්‍යස්ථානයට යොමු කරනු ලබයි.

එම රැඳවියන් එලෙස සම්පූර්ණ වසර දෙකක කාලයකින් අනතුරුව පවුලේ ඥාතීන්ට මෙන්ම දෙමව්පියන්ට භාර කරමින් සමාජගත කිරීමට බන්ධනාගාර හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ කටයුතු කරනු ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රක්ෂණ සංසථාවේ ජීවිත රක්ෂණ අරමුදල වෙනමත් රක්ෂණ සංස්ථාව වෙනමත් විකුණන්න සූදානම්… වෘත්තීය සමිති කියයි! 

Next Post

අන්තිම ඕවරයේ අන්තිම පන්දුවේ දී යන්තම් දිනුම්!…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.