අරගලයේ ප්‍රබල ක්‍රියකාරිකයෙක් ලෙස විශාල භූමිකාවක් කළ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ප්‍රියත් නිකේෂලට කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු දස දෙනෙකුගෙන් පමණ යුතු මැර කණ්ඩායමක් හුදකලා කර එල්ල කළ ප්‍රහාරයක් නිසා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ප්‍රියත් නිකේශලගේ හිසට සහ පපු ප්‍රදේශයටය දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවය. හිසට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ඔහුගේ පෙනීමේ දුර්වලතාවයක් ඇති වී තිබෙන බව ජාතික රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.
ප්‍රියත් නිකේශල ගමන් කළ මෝටර් රථය තවත් රථයකින් හරස් කර ඔහු මෝටර් රථයට පහර දී බලහත්කාරයෙන් එළියට ගෙන පහර මෙම මැර ප්‍රහාරය එල්ල වි ඇති ආකාරය පටිගත වි ඇත. මෙම ප්‍රහාරය එල්ල කරන්නේ තමන්ට දරුවෙක් සිටින බවත් පහර නොදෙන ලෙසත් ප්‍රියත් නිකේශල විසින් ඉල්ලා සිටිද්දීය.
මේ වනවිට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඉදිරිපිටට පිරිසක් එක් රැස් වි ඇති බව වාර්තා වේ.
