දිනසේන රතුගමගේ –
රුපියල් කෝටි දොළහකට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් හා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපලින් පිටවූ උතුරේ පුද්ගලයින් තුන් දෙනෙක් බැංගලෝර් ගුවන් තොටුපලේ දී රේගූ නිලධාරීන් විසින් ඊයේ ( 3) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සිය ගමන් මලු වල යට කොටසේ සඟවා තිබූ රන් බිස්කට් වල බර කිලෝ ග්‍රෑම් 3.23 ක් වන බව බැංගලෝර් රේගුව කියයි.

මේ තිදෙනා මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ ස්වකීය ගුද මාර්ගයේ සගවා ගෙනය. එම මත්ද්‍රව්‍ය ද රේගු නිලධාරීන්විසින් සොයා ගෙන තිබේ.
මෙම පුද්ගලයින් යාපනය හා කිළිනොච්චියේ පදිංචි කරුවන්ය. රේගු නිලධාරීන් විසින් ඔවුන් බැංගලෝර් පොලීස්ය වෙත බාර දී ඇත.







