ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් අනතුරු අඟවීමක් නිකුත් කර ඇත.
කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව ද තවත් බ්‍රිතාන්‍ය අධ්‍යයනයක් හෙළි කරයි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය සාපේක්ෂව සැලකීමේදී යහපත් තත්ත්වයක් බවය.







