බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබට කියන්න බැරි බොහෝ දේ තියනවා… එක දිගට පරාජය වෙනවා නම් ඉල්ලා අස්වී වෙන කෙනෙකුට අවස්ථාව දීමේ ආදර්ශය චමින්ද විජේසිරි පෙන්නුවා…

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් වෙත ආසන සංවිධායක ධූරය ලබා දුන් බණ්ඩාරවෙල ආසනය  ජනාධිපතිවරණ දෙකකදී , මහ මැතිවරණ දෙකකදී, ප්‍රාදේශීය සභා මැතවරණ දෙකකදී පරාජයට පත් වූ පසුත් පැරදි පැරදී එක තැන නොසිට නායකයෙක් ලෙස තමන් දිය යුතු ආදර්ශය ඉල්ලා අස්වීම බවත් චමින්ද විජේසිරි ඒ ආදර්ශය කාට උවද   ලබා දී ඇති බවත් සජබ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරය දැරූ චමින්ද විජේසිරි අද (27) ප්‍රකාශ කළේය. 

තමන් සජබ ආසන සංවිධායක  ධූරයෙන් ඉල්ලා අස් වූ හේතුව පිළිබඳ මාධ්‍යයට කරුණු දක්වමින් ඔහු මෙම ප්‍රකාශ කළේ මාදිවෙල සිය නිල නිවාසයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.  පක්ෂය තුළ දියත් වී ඇති සම්ප්‍රදාය දැඩි ලෙස විවේචනය කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“මේ පක්ෂය තමන්ගේ පවුලේ පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂය පවුල් පෝෂණයවන පක්ෂයක් නොවෙයි. මේ පක්ෂය පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් සිටිය යුතු නෑ. පක්ෂය ජයග්‍රාහකයින් අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන කියන කාරණය මා දකිනවා.”

“ඔබට මම නොකිව යුතු බොහෝ දේවල් තියනවා. සමහර වෙලාවට පක්ෂයේම සමහරුන්ගේ කණ්ඩායම් තුළ මේ ආසනය පරාජය කරන්න ඉතිහාසය සිට කටයුතු කළා. වර්තමානයෙත් සමගි ජන බලවේගය ඇතුළෙ ඉන්න සමහරුන්ට මේ බණ්ඩාරවෙල ආසනය හිතා මතා පරාද කරන්න අවශ්‍ය වෙලා තියනවා. මොකද අපි පවුල් වාදයේ දේශපාලනයෙන් ආවේ නෑ.”

සාකච්ඡාව අතර මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස පරාජය කළ බවත්,  තමන් ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ නායකයා ලෙස ඔහු අවබෝධ කරගත යුතු බවත්ය.

මන්ත්‍රීවරයා පැවසුවේ පලාත් පාලන නියෝජිතයින් බඳවා ගැනීමට පක්ෂ නායකත්වය සකස් කර ඇති නිර්ණායකවලට තමා එකඟ නැති බවය. ආසන සංවිධායකවරුන්ගෙන් බැහැර කඳවුරක් නිර්මාණය කරගැනීමට පක්ෂ නායකත්වය කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කළේය.

“ගාල්ලේ අපේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා අස්වීම පිළිබඳව එතුමාගේ මාධ්‍ය සාකච්ඡාව මම දැක්කේ රටට නොගැලපෙන පලාත් පාලන ආයතනවලට නොගැලපෙන, එම පළාත් පාලන ආයතන සියල්ල අකර්මණ්‍ය කරන පළාත් පාලන ආයතන පනතට තවත් විකෘතියක් එකතු කරීමේ යෝජනාවක් පක්ෂය විසින් ගෙන ඇති බවයි.  මා එය පුද්ගලිකව විශ්වාස කරනවා.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“බණ්ඩාරිගොඩ ආසන සංවිධායකතුමාට වෙන වැඩපිළිවෙළකුත් තවත් එම දිස්ත්‍රික්කයේ වෙනත් කෙනෙකුට වෙනත් වැඩපිළිවෙළකුත් සිද්ධ වෙනවා නම් ඒ සංවිධායකවරුන්ට හැඳි දෙකකින් බෙදලා තියනවා. මා පෞද්ගලිකව නායකතුමා විසින් ඉදිරිපත් කරල තියන නිර්ණායකවලට   වන්නේ නෑ.”

“නායකතුමා පත් කරලා තියනවා ආසන සංවිධාකවරයෙක්. ඔහුට කොළඹින් පාත් වෙච්ච, කාගෙන් හෝ නියෝජනය වෙච්ච වෙනත් පත්වීම්වලට යනකොට ඔහු සංවිධායකවරයාට පාලනය කරන්න බැරි වෙනවා. ඔහු සංවිධායකවරයාගේ අභිමතයෙන් බැහැර වෙනවා. එතකොට සංවිධායකවරයාගෙන් බැහැර වීමේ කඳවුරක් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව පක්ෂයේ නායකත්වය විසින් හදනවා. ඒක දේශපාලනික උපක්‍රමයක් ද,  දේශපාලන අවශ්‍යතාවයක් ද කියන කාරණය මට තාම තේරෙන්නේ නෑ.”

පහත දැක්වෙන්නේ චමින්ද විජේසිරි ගේ මාධ්‍ය සාකච්ඡාවේ කොටසකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහ නගර සභාවට ලබා දුන් සභික නාම යෝජනා 2ක් වෙනස් කරන්න සජබ මැකො ගෙන් අවසර ඉල්ලලා…

Next Post

දානිගල කඳු මුදුනේ පැය ගණනක් අතරමං වූ දරුවන් 4 දෙනෙක් ආරක්ෂක අංශ දියත්කළ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව මුදා ගනී…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.