අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්න පැන්නා මෙන්න පැන්නා හිටිය  රාජිත  උත්සවාකාරයෙන් පනී… ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න මහගෙදර ආව බව කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මම හැම තීරණයක්ම ගත්තේ මම ගැන හිතලා නෙමෙයි… ජනතාව ගැන හිතලා… මේ තීරණයත් ගත්තෙ ජනතාව ග ගැන හිතලා… මහ ගෙදරට ඇවිත් ජනාධිපතිවරයාට රට ගොඩගන්න කොන්දේසි නැතිව උදව් කරනවා… රාජිත කියයි.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ද ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වෙයි. රට ගොඩ දැමිය හැක්කේ ජනපතිට විතරක් බව පවසයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට‍ෙකොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේදී අද (13) නිල ප්‍රකාශයකට අත්සන් තබමින් රාජිත සේනාරත්න ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් විය.

නිල ප්‍රකාශයක් අත්සන් තබන ආකාරය…

පසුගිය වසර කිහිපය තුළ මේ රටේ පැවති දුර්භික්ෂය තුරන් කර ජනතාවට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත්, එතුමාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ අද ජාත්‍යන්තරයේද පැසසුමට ලක්ව තිබෙන බවත් රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.

වාමාංශික කඳවුර නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි තමන් මීට පෙර දේශපාලන වශයෙන් වැදගත් තීන්දු තීරණ ගත් බව පැවසු රාජිත සේනාරත්න එම සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත්, එම තීන්දු තීරණ හමුවේ ඇතැම් අවස්ථාවල පොලිස් පහරදීම්වලට ද ලක්වූ බවත් සිහිපත් කළේය.

අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත දේශයක් ගොඩනගා දීමට අඛණ්ඩව කැපවන බවද පැවසූ රාජිත සේනාරත්න යළිත් තම මහ ගෙදරට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවද සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරමින් රට ඉදිරියට ගෙන යාමට නම් නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම මෙන්ම නව දේශපාලන රාමුවක් ද ඇති කළ යුතු බවයි.

එබැවින් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා රාජිත සේනාරත්න ද තමන් මෙන්ම සමාජය වෙනස් කළ යුතුය යන රැඩිකල් අදහස් තිබෙන මන්ත්‍රීවරයෙක් බැවින් තමන් සමඟ එක්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ද අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් විය.

මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළ තුළින් පමණක් බව ද පෙන්වා දුන් ජගත් ප්‍රියංකර රට වෙනුවෙන් එම වැඩපිළිවෙළට සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී සඳහා සාධාරණ මිලක් ඉල්ලමින් අමරවීරගේ පඹයෙක් පුලුස්සා මහවැලි ගොවීන් විරෝධතාවයක…!

Next Post

ජනාධිපතිවරණය පවතින කාලය තුළ ඇති විය හැකි ඕනෑම ආපදාවක දී ඡන්ද දායකයාගේ ඡන්ද අයිතිය රැක දෙන්න සූදානම් – රාජ්‍ය ආරක්ෂක ඇමති කියයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.