අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරණය පවතින කාලය තුළ ඇති විය හැකි ඕනෑම ආපදාවක දී ඡන්ද දායකයාගේ ඡන්ද අයිතිය රැක දෙන්න සූදානම් – රාජ්‍ය ආරක්ෂක ඇමති කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය කාලය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (අගෝස්තු 13) දින පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සෑම පුරවැසියෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බවය.

එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ දිස්ත්‍රික් ආපදා මැතිවරණ කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරන බවත්, සියලු ආපදා කළමනාකරණ කටයුතු මෙම ඒකකය හරහා සිදු කරන බවත් ඕනෑම හදිසි ආපදා තත්වයක් පිලිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 117 හදිසි දුරකථන අංකය ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

එම සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔන්න පැන්නා මෙන්න පැන්නා හිටිය  රාජිත  උත්සවාකාරයෙන් පනී… ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න මහගෙදර ආව බව කියයි!

Next Post

වැඩි කළ බව කියන වතු කම්කරු වැටුප අතට ලැබෙන තෙක් ෂුවර් නෑ… රාධාක්‍රිෂ්ණන් කියයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.