බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් විශේෂ විමර්ශනයක් පවත්වනවා… ඒ සිද්ධිය සමාජයක් ලෙස අපි ඉන්න තැන කියලා දුන්නා…

by editor
ජනවාරි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපේ හර පද්ධති පිරිහිලා, මනුෂ්‍යත්වය විනාශ වෙලා සමාජයක් ලෙස අප ස්ථානගත වෙලා ඉන්න තැන දැන් අපට පෙන්නලා දීලා තියනවා..

  • ඒ වගේම පුද්ගලයින්ගේ අනන්‍යතාවයට පුද්ගලිකත්වයට ගරු කරන්න බැරි තත්ත්වයක්  දැක්කා…. මාධ්‍ය නියාමනය සඳහා නීති වහාම හඳුන්වා දෙනවා…

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් ඇති උසස් පාසලක සිදුවූ සිද්ධිය තීරණ ගත යුත්තේ මේ සිදුවීම පමණක් හුදකලා කර  නොව මින් සිදුවිය හැකි අතුරු ඵළ ගැනත් අවබෝධයෙන් යුතුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) කැබින්ට මාධය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

මේ සිදුවීම ප්‍රකාශ කරන්නේ සමාජයේ ඇති බරපතල පිරිහීමේ ප්‍රමාණයත්, අපේ හර පද්ධතිය, මනුෂ්‍යත්වය සහ සමාජය ස්ථානගත වී ඇති තැනත් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සිද්ධිය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් විශේෂ විමර්ශනයක් පවත්වනවා මෙන්ම පුද්ගලිකත්වය පුද්ගල අනන්‍යතාවය සම්බන්ධව සමාජ මාධ්‍ය කරුවන්ට හෝ මාධ්‍ය ආයතනවලට යම් ස්වයං වාරණයක් නොමැති නම් මධ්‍ය භාවිතයන් නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් සකස් කරන බව ද  ඇමතිවරයා කීවේය.

“මේකෙන් පෙන්නුම් කරනවා අපේ සමාජය කොතරම් සමාජ පිරිහීමක් තියනවද කියන එක. අපේ හර පද්ධතිය අපේ මනුෂ්‍යත්වය සමාජයක් හැටියට ස්ථානගත විය යුතු තැන සාරධර්ම ආදිය ගැන බරපතල පිරිහීමක් තිබෙනවා.

ඒක සමාජයයේ සාකච්ඡාවට ලක් වුන එක් අවස්ථාවක් පමණයි මේක.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඒ වගේ තැනකට ආයතනයක් හෝ සමාජයක් පත් වෙන්න බලපාපු කාරණා රාශියක් මේක පිටිපස්සේ තියනවා. ඒකට කාට කාටද ඇඟිල්ල දික් කරන්නේ කියලා සාකච්ඡා කරලා තේරුමක් නැති වෙයි. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු විය යුතුයි.

මේක ගන්න ඕන සිදුවීම සම්බන්ධව තියන ඛේදවාචකය ගැන මෙන්ම මෙතනින් පස්සේ තියන අතුරු ඵල ගැනත් හිතලා. ඊට පස්සේ දුක් වෙලා වැඩක් නෑ ඒවගේ අතුරු ඵල දිහා බලලා. අපි රජය මේ ගැන අවධානය යොමු කරලා තියනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් විමර්ශනයක් කැඳවලා තියනවා මේ ගැන.

ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මතු කරපු කරුණට මට උත්තර දෙන්න තියෙන්නේ පුද්ගලයින්ගේ අනන්‍යතාවය පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අපි රජය අවධානය යොමු කරලා තියනවා. වෙනදා අපි හැමදාම කතා කළේ මාධ්‍ය නිදහස පිලිබඳව. දැන් අපට අලුත් කරුණක් ඇවිල්ලා තියනවා මාධ්‍ය නිදහසට අමතරව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් පුරවැසියාට සිදුකරන බලපෑම පිළිබඳව.

ඒක මාධ්‍ය ආයතන තුළින් හෝ සමාජ මාධ්‍ය හසුරුවන අය තුළින් ස්වයං නියාමයන වෙන්නේ නැතිනම් රජයට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් යම් නියාමන ක්‍රමයක් අනුගමනය කරන්න.

ඔන් ලයින් සේෆ්ටි බිල් කියන්නේ ඉන් එක පැත්තක් පමණයි. ඒකේ දැන් පවතින්නේ අවසන් අදියරේ. මහජන අදහස් විමසීම සම්පූර්ණ කරගත්තට පස්සේ ඒ පනත ගෙන ඒමට කටයුතු කරනවා.

මොදක මෙවැනි සිදුවීම් හරහා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගැනීම වගේ තැනකට ගියාට පසුව මේ පියවර  අරන් තේරුමක් නෑ. මෙන්න මේවට තමයි ඔන් ලයින් සේෆ්ට් බිල් එකක් ඕන කරන්නෙ. “ ඇමතිවරයා පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මතුගම කාන්තා ඝාතනය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

Next Post

අම්බලන්ගොඩ දි තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.